Home » ජවිපෙට හැටයි

ජවිපෙට හැටයි

by mahesh
May 14, 2025 1:00 am 0 comment

ජවිපෙ යනු ලාංකේය ඉතිහාසය තුළ තවත් එක් දේශපාලන පක්ෂයක් පමණක් නොවේ. එය ලාංකේය ඉතිහාසය යළි ගොඩනැංවීමට, අලුතෙන් ලිවීමට දායක වූ විප්ලවීය ව්‍යාපාරයකි.

ගෙවී ගිය හැට වසරක් පුරාවට නැඟිටීම් මෙන්ම ඇද වැටීම් ද සහිතව 71 දීත්, 88-89 යුගයේදි ත් දහස් සංඛ්‍යාත

තරුණ-තරුණියන් ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැඟූ සංවිධානයකි. විවිධ ශක්‍යතාවන් උරා ගනිමින් ලෝකය සමඟ හැඩගැසෙමින් අදටත් ගොඩනැඟෙන ව්‍යාපාරයකි. අන්ත දක්ෂිණාංශික අවස්ථාවාදීන් මෙන්ම ලිබරල් වම්මුන්ගේ කුමන්ත්‍රණ හමුවේ ප්‍රතිපත්ති පාවානොදෙමින් මහජන ව්‍යාපාරයක් ලෙස මෑත ඉතිහාසයේ බලමුළුගැන්වුණු දැවැන්ත පොදුජන සම්මුතිය වන්නේ ජවිපෙ ප්‍රමුඛ කොටගත් ජාතික ජන බලවේගය යි.

60 දශකයේ මැදභාගය මෙන් නොව 2025 වසරවන විට ජාතික මෙන්ම ජාත්‍යන්තර සමාජ-ආර්ථික-දේශපාලනික-හා සංස්කෘතික කොන්දේසි බෙහෙවින් වෙනස් ය. සංකීර්ණ ය. දුස් තොරතුරුවලින් ගහණ වූ සන්නිවේදන ක්ෂේත්‍රයත්, පාර-ජාතික රාජ්‍යයක ගෝලීය දේශපාලනයත් අතර ඇත්තේ අතිජාත සහසම්බන්ධයකි. අභියෝග ඇත්තේ මුහුණදෙන්නට මිස මගහැර යන්නට නොවේ. ලෝකය ඉදිරියට ගමන් කරනු ලැබුවේ රැල්ලට ගසාගෙන ගිය මිනිසුන්ගෙන් නොව උඩුගං බලා පිහිනූ මිනිසුන්ගෙනි.

එබැවින් අදට (14) යෙදී ඇත්තේ උඩුගං බලා පිහිනන එකී අනාගතවාදී සුබ සිහින දකින්නන්ගේ 60 වෙනි සංවත්සරය යි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT