Thursday, May 15, 2025
Home » සුන්බුන් එක­තු­වක් රටේ ජන­ව­ර­මට අභි­යෝග කරන්නේ කොහො­මද?

සුන්බුන් එක­තු­වක් රටේ ජන­ව­ර­මට අභි­යෝග කරන්නේ කොහො­මද?

ජනතා විමුක්ති පෙර­මුණේ 60 වැනි සංව­ත්ස­ර­යට සහ­භාගිවෙමින් ජන­පති කියයි

by Gayan Abeykoon
May 15, 2025 1:25 am 0 comment

උපාලි කරු­ණා­රත්න සහ චමීර ඇල්ල­දෙ­ණිය

සුන්බුන් එක­තු­වක් රටේ ජන­ව­ර­මට අභි­යෝග කරන්නේ කෙසේ­දැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රශ්න කර සිටියි.

ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ විහා­ර­ම­හා­දේවි එළි­ම­හන් රංග පීඨයේ පැවැති ජනතා විමුක්ති පෙර­මුණේ 60 වැනි සංව­ත්ස­ර­යට සහ­භාගි වෙමිණි. මෙහිදී ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ඇමැති විජිත හේරත් මහ­ත්ව­රුන් සහ එහි සාමා­ජික, සාමා­ජි­කාවෝ රැසක් ද අද­හස් දැක්වූහ. විදෙ­ස්ග­තව සිටින ජනතා විමුක්ති පෙර­මුණේ සාමා­ජික, සාමා­ජි­කාවෝ ද මෙම අව­ස්ථාව සඳහා අන්ත­ර්ජා­ලය හරහා සම්බන්ධ වූහ.

මෙහිදී තව­දු­ර­ටත් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද පැව­සීය.

ජන­ව­රම හොඳට තේරුම් ගත යුතුයි. සභා 152ක් අපි ආර­ම්භ­යේ­දීම පිහි­ටු­ව­නවා. ඉතුරු 115 පිහි­ටු­වන දවසේ පිහි­ටු­ව­නවා. එයට අකුල් හෙළන්න, බාධා කරන්න එනවා නම් නීතියේ ඕනෑ තරම් ඉඩ­කඩ තිබෙ­නවා. අපි සෑම­වි­ටම ජන­ව­ර­මට ගරු කර­නවා. ජන­ව­ර­මට එරෙ­හිව කවු­රුන් හෝ කට­යුතු කර­නවා නම් ව්‍යව­ස්ථාව, නීතිය, දේශ­පා­ල­නය මේ සිය­ල්ල­න්ගෙන් අප වැඩ කරන්න ලැහැ­ස්තියි. හදල පුළු­වන් නම් මාස කීප­යක් යන්න. ජන­ව­ර­මට තමයි අප ගරු කරන්නේ. නීති මදි­නම් තුනෙන් දෙකක් තියෙ­නවා.

පළමු කොටම අපි ඇයි මේ ඉති­හා­සය සිහි­පත් කරන්නේ. අපි ආණ්ඩු බලය අත්පත් කර­ගෙන තිබෙ­නවා. එම යට­ගිය ඉති­හා­සය ඇයි අපිට වර්ත­මා­න­යේදී අවශ්‍ය වෙන්නේ. ඇතැම් විට “සහෝ­ද­රයා ඒ ගැන නම් වැඩිය කථා කරන්න එපා” කියා තැන තැන මුමු­න­න්නත් ඉඩ තිබෙ­නවා. බොහෝ දෙනා අපේක්ෂා කර­නවා ඒ ඉති­හා­සය ඉති­හා­ස­යට උරුම කර වර්ත­මා­නය අලුත් පරි­ච්ඡේ­ද­ය­කින් ආරම්භ කරන්න පුළු­වන් වේවි කියා. මම දන්නවා සම­හර කව­යන් ඒ ඉති­හා­සය අම­තක කර­මින් අපිත් එක්ක ඉන්න ලැහැ­ස්තියි. එහෙත් අපට එම ඉති­හා­සය අම­තක කොට අලුත් පරි­ච්ඡේ­ද­යක් අලුත් අනා­ග­ත­යක් නිර්මා­ණය කරන්න හැකි­යා­වක් නොවෙන බව අපි විශ්වාස කර­නවා.

මෙම වර්ත­මා­නය තේරුම් ගැනීම සඳහා අපිට එම ඉති­හා­සය අව­ශ්‍යයි. අද මේ මොහොත අපිට තේරුම් ගැනීම සඳහා එම ඉති­හා­සය අව­ශ්‍යයි. අනා­ග­තයේ අවම වරද්දා ගැනීම් කර­මින් අනා­ග­තය ගොඩ­නැං­වීම සඳහා අපිට එම ඉති­හා­සට ඉව­හල් කර­ගත හැකියි. මොකද කුමන ඉති­හා­ස­ය­ක්වත් වැර­දී­ම්ව­ලින් තොරව නිර්මා­ණය වන්නේ නැහැ. ඒ නිසාම අපිට තිබෙන්නේ නව පරි­ච්ඡේ­ද­යක් නෙවෙයි, අපිට තිබෙන්නේ අඛණ්ඩ ඉති­හා­ස­යක අඛණ්ඩ පරි­ච්ඡේ­ද­යක්. කවර හෝ කෙනෙක් කුමන හෝ ආකා­ර­යෙන් මෙය සිය­ල්ල­න්ගෙන් වියුක්ත කොට නව පරි­ච්ඡේ­ද­යක් ලෙස ලිවී­මට උත්සාහ කර­නවා නම් ඒ තුළ තිබෙන්නේ කුහ­ක­ත්ව­යයි. ඒ වගේම අතී­ත­යට තිබෙන බියයි. අපි මේ නව පරි­ච්ඡේ­ද­යක ලිය­මින් තිබෙන්නේ ඉති­හා­සයේ අඛ­ණ්ඩ­තා­වයි. එම අඛ­ණ්ඩ­තා­ව­යම අලුත් පරි­ච්ඡේ­ද­යක්ම මිස අඛ­ණ්ඩ­තා­ව­යෙන් ගිලි­හුණු හා විතැන් වූ පරි­ච්ඡේ­ද­යක් නොවන බව හැම දෙනාම තේරු­ම්ගත යුතුයි.

වේද­නා­වෙන් පිරි ඉති­හා­ස­යක් අපිට තිබෙ­නවා. ශාරී­රික වශ­යෙන් සහ මාන­සික වශ­යෙන් අති­ශය වේද­නා­වට ලක්වූ ඉති­හා­ස­යක් තිබෙ­නවා. මා දන්නවා එම ඉති­හා­සය සමඟ අඛණ්ඩ සම්බ­න්ධ­තා­වක් තිබෙන බොහෝ සහෝ­දර සහෝ­ද­රි­යන් මෙහි සිටි­නවා, එයින් බොහෝ දෙනෙක් එක් දින­ය­කදී හෝ ඉකි­ගසා හඬා තිබෙ­නවා. මමත් එහෙ­මයි. වැඩ­ක­රන විට මුහුණ දෙන දුෂ්ක­ර­තා­වන් පම­ණක් නොව, මහා සංවි­ධා­නා­ත්මක හා ප්‍රච­ණ්ඩ­කාරී ප්‍රවා­හ­යක් තමන් ඉදි­රි­යට පැමි­ණෙන විට ඊට මුහුණ දීම අති­ශය දුෂ්කර ව්‍යායා­ම­යක්. ඒ නිසා ඉති­හා­සයේ වේද­නා­වන් තිබෙ­නවා, දුෂ්ක­ර­තා­වන් තිබෙ­නවා.

පොදු මහ­ජ­න­යාගේ වුව­මනා වෙනු­වෙන් සියල්ල අත්හැ­රී­මට සහ කැප­කි­රී­මට සූදා­නම් වූ ඉති­හා­ස­යක් අපිට තිබෙ­නවා. අපේ සහෝ­දර සහෝ­ද­රි­යන් වසර ගණ­නා­වක් සිර­ගත කර තිබුණා. දුෂ්ක­ර­තා­වන්ට මුහුණ දී, වද හිංසා හුද­කලා කිරීම් සිය­ල්ලට මුහුණ දී තිබෙ­නවා. ඒ විත­රක්ද අපි දරුණු පන්නයේ පරා­ජ­යන්ට මුහුණ දුන්නා. අපි අවට සිටි අය අපිට අහි­මි­වන පන්නයේ පරා­ජ­යන්ට අපි මුහුණ දුන්නා.

අපේ ව්‍යාපා­රය ගොඩ­නැ­ඟී­මට උර දුන් රෝහණ විජේ­වීර සහෝ­ද­රයා ඇතුළු කණ්ඩා­යම අපිට අහිමි කිරීමේ පන්නයේ පරා­ජ­යන්, අපේ සමී­ප­ත­ම­යන් අපේ දෑස් ඉදි­රි­පිට මිය­යන මට්ටමේ පරා­ජ­යන්ට අපි මුහුණ දී තිබෙ­නවා. එම ඉති­හා­සය එවැනි පරා­ජ­ය­න්ගෙන්ද ගැබ් වී තිබෙ­නවා. එම ඉති­හා­සය පාවා දීම්ව­ලින් ගැබ් වී තිබෙ­නවා. තමන් සමඟ එකට සටන් කරන කෙනා, තව විටක ඊට එරෙ­හිව පාවා දෙන්නන්ගේ භූමි­කා­වට පණ පොව­නවා. අදත් අපි එය දකි­නවා. ජනතා විමුක්ති පෙර­මුණ නොති­බෙන්න අනිත් දේශ­පා­ලන කඳ­වු­රක පාපි­ස්ස­ට­වත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වෙනවා. අද යළි ඒවා වෙනු­වෙන් හඬ­ලන තත්ත්ව­යට පත්වී තිබෙ­නවා.  පසු­ගිය බට­ලන්ද වාර්තාව පිළි­බද සාක­ච්ඡා­වේදී 88, 89 ඊට එරෙ­හිව එකට සිටි අය රූප­වා­හි­නි­යට ගොස් බට­ලන්ද සිදු­වීම සාධා­ර­ණී­ක­ර­ණය කර­නවා අපි ඇස්ව­ලින් දකි­නවා, කන්ව­ලින් අහ­නවා. මේ ඉති­හා­සය අපිට එහෙම දේවල් ඉතුරු කර තිබෙ­නවා. මේ ඉති­හා­සයේ කුම­න්ත්‍රණ අපි අත්දැක තිබෙ­නවා. මෑත දශ­ක­යේත් අපි කුම­න්ත්‍රණ අත්දැක තිබෙ­නවා.ඒ නිසා මේ ඉති­හා­සය වේද­නාව, දුෂ්ක­ර­තාව, ඔරොත්තු දීම, කැප­කි­රීම, කුම­න්ත්‍රණ පාවා­දීම්, පරා­ජ­යන්, හා ජය­ග්‍ර­හ­ණ­යන් ඒ හා සමාන ලෙසම අපි දැක තිබෙ­නවා.

ඒ නිසා එවැනි ඉති­හා­ස­යක් මොන­ත­රම් සංකීර්ණ ඉති­හා­ස­යක් ද?. අපට අපේ ඉති­හා­සය පරි­ච්ඡේද කිහි­ප­ය­කට කඩන්න පුළු­වන්. 65-71 ඉති­හා­සයේ පරි­ච්ඡේ­ද­යක්. 71- 78 ඉති­හා­සයේ තවත් පරි­ච්ඡේ­ද­යක්. 78-83, 83-89 , 89-94 ඉති­හා­සයේ තවත් පරි­ච්ඡේද ලෙස දක්වන්න පුළු­වන්. 94- 2024 සැප්තැ­ම්බර් මාසයේ 21 තව පරි­ච්ඡේ­ද­යක්. සැප්තැ­ම්බර් මාසයේ 21- අද තව පරි­ච්ඡේ­ද­යක්. මේ ආකා­රයේ පරි­ච්ඡේද ගණ­නා­වක් අප ගත­කර තිබෙ­නවා.

60 වස­රක විවිධ පරි­ච්ඡේද හා සිදු­වීම් මේ සියල්ල එකට ගොතා තිබෙන මෙව­ලම මොකක්ද? මා හිත­නවා ප්‍රධාන සාර­යන් 03ක් තිබෙ­නවා. එක හෘද සාක්ෂිය. දෙක එඩි­ත­ර­භා­වය. තුන ව්‍යව­හා­රික බුද්ධිය. මේ වසර 60 මුළු­ල්ලේම විවිධ උච්චා­ව­ච­න­යන් , පරා­ජ­යන්, ජය­ග්‍ර­හණ, පාවා­දීම් මේ සියල්ල තිබි­යදී එක් මහා පොදු සාධක කිහි­ප­යක් තිබෙ­නවා. මම කිය­නවා අනා­ග­ත­ය­ටත් අපිට මඟ­පෙ­න්වන්නේ අන් කව­ර­ක්වත් නෙවෙයි හෘද සාක්ෂිය. එඩි­ත­ර­භා­වය සහ ව්‍යව­හා­රික බුද්ධි­යයි.

මා හිත­නවා ශරී­ර­ව­ලින්, පවුල් පසු­බි­ම්ව­ලින් මහා ප්‍රතා­ප­වත් ඉති­හා­සයේ බල­ව්‍යු­හ­යන් තුළ මහා සැණ­කෙළි පෙන්වූ ඒ හැම දෙනා­ටම වඩා කුඩා මිනි­සුන් වන අප ළඟ තිබෙන හෘද සාක්ෂිය තුළින් ඔවුන්ට වඩා ගව් ගණ­නක් ඉදි­රි­යෙන් අපි ඉන්නවා. දුෂ්ක­රතා විසින් විත­රක් නෙවෙයි තන­තුරු, ඒවා­යින් ලැබෙන ආලෝ­කය, ඒවාට ජන­තාව දක්වන ප්‍රති­චාර, සාම්ප්‍ර­දා­යික ආය­ත­නික ව්‍යුහ­යන් , එම තන­තු­රු­ව­ලට දක්වන ප්‍රති­චාර යන සිය­ල්ල­ගෙන්ම හෘද සාක්ෂිය බිඳ­ව­ට්ටන්න පුළු­වන්. එහෙත් මතක තබා ගන්න, අපි මේ රටේ පොදු ජන­තා­වට සහ­ති­ක­යක් දෙනවා ඉති­හා­සය ද, අද ද, හෙට ද අපි අපේ හෘද සක්ෂිය අනුව වැඩ කරන මිනිස්සු. කටුක දුෂ්ක­ර­තා­වන් හමුවේ හෝ පරි­භෝ­ජ­න­වාදී දුෂ්ක­රතා හමුවේ හෝ පාවා දෙන්නේ නැති, අත් හරින්නේ නැති හෘද සාක්ෂි­යක් සමඟ වැඩ කර­නවා. මේක තමයි අපේ 60 වස­රක ඉති­හා­සයේ අඛ­ණ්ඩ­තාව. එය අපි ආරක්ෂා කර­නවා. ඊට අප වග­කි­ය­නවා. ඊට අපි බැඳී ඉන්නවා.

දෙක එඩි­ත­ර­භා­වය. එඩි­ත­ර­භා­වය කියන්නේ කුමක්ද?. එඩි­ත­ර­භා­වය කියන්නේ ඇඟේ හයිය විත­රක් නෙවෙයි. ඇඟේ හයි­යත් එඩි­ත­ර­භා­වයේ ලක්ෂ­ණ­යක්. හැබැයි මා මේ එඩි­ත­ර­භා­වය කියන්නේ ඇඟේ හයිය නෙවෙයි. ව්‍යාපා­ර­යක්. 60 වස­රක් ලංකා දේශ­පා­ලන ඉති­හා­සයේ කිසිදු දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් මුහුණ නොදුන් අති­ශය විනා­ශ­කාරී අත්දැ­කී­ම්ව­ලින් ගැබ් වෙලා, මම හිත­නවා ලෝක ව්‍යාපා­ර­යෙත් එහෙ­මයි. අති­ශය දුෂ්ක­ර­තා­වන්ට මුහුණ දී එහෙත් මේක ආරක්ෂා කර­නවා. අද වන­විට මොකක්ද වෙලා තිබෙන්නේ? . අනෙක් සතුරු කඳ­වුරු සියල්ල සුනු විසුනු කොට විනාශ කොට දමන තර­මට මේ ව්‍යාපා­රය ශක්ති­ම­ත්භා­ව­යට ගෙන­විත් තිබෙ­නවා. ඒ පිටු­පස තිබෙ­නවා එඩි­ත­ර­භා­වය.

එය මේ අඛණ්ඩ ඉති­හා­සයේ පැවැ­ත්මට ප්‍රධාන සාධ­ක­යක්. නැත්නම් මේ ව්‍යාපා­රය අත්හ­රින්න, නතර වෙන්න මොන තරම් අවස්ථා තිබිලා තියෙ­නව ද? මේ මව්බිමේ එහෙම ව්‍යාපා­ර­යක් තිබෙ­නවා නම් ඒ ජනතා විමුක්ති පෙර­මුණ පම­ණක් බව මතක තබා­ගන්න. සාමා­න්‍ය­යෙන් අප අත්ද­කින්නේ නැතුව, අප ඒ කතාව ඇතුළේ ජීවත් වෙන්නේ නැතුව පිට­ස්ත­ර­යෙක් ලෙස අප පොතක ඒ කතාව කියෙ­ව්වොත් එය කිසි­වෙක් විශ්වාස කරන කතා­වක් නෙවෙයි. ඒ තර­මට ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ විශ්වා­සය බිඳ­ව­ට්ටන්නේ නැතුව මේ ව්‍යාපා­රය 60 වස­රක් ගමන් කර තිබෙ­නවා. ඒ තුළ තිබෙන එක් ප්‍රධාන සාරය එඩි­ත­ර­භා­ව­යයි. ආ ගම­න්මඟ නිශ්චිත දේශ­පා­ල­න­ය­කදී ඒ ගම­න්මඟ හැර­වීම සඳහා එඩි­ත­ර­භා­වය. ඒවා සාමාන්‍ය දේශ­පා­ලන ව්‍යාප­ර­ව­ලට කරන්න බැහැ. ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් වැඩ කරන්න අපි එඩි­ත­රයි. අඛණ්ඩ ඉති­හා­සයේ පැවැත්මේ ප්‍රධාන සාධ­ක­යක්. මේ 60 වස­රක දේශ­පා­ලන ගම­න්මඟේ ජය­ග්‍ර­හ­ණයේ කොඩිය අප අතට ගන්න විට, අපට අත්හැර යන්නට අවස්ථා විශාල ප්‍රමා­ණ­යක් තිබුණා. නිහඬ විය යුතු අවස්ථා විශාල ප්‍රමා­ණ­යක් තිබුණා. අපේ දේශ­පා­ලන ව්‍යාපා­රය නමක් ලෙස පම­ණක් ඉති­හා­ස­ගත වීමට ඕනෑ තරම් සන්ධි­ස්ථාන තිබී තිබෙ­නවා. හැබැයි, ඒ සියලු සන්ධි­ස්ථාන හමු­වේත් අද මේ ජය­ග්‍ර­හ­ණය සඳහා ගෙන එන්න එඩි­ත­ර­භා­වය ඉතා­මත් ප්‍රබල සාධ­ක­යක්. ඒ උරු­මය, ඉති­හා­සය තිබෙන්නේ ජවිපෙ අපට පම­ණයි. අපේ සතු­රන් අපට වඩා හොඳින් තේරුම් අරන් තිබෙ­නවා. ඒ ගණන් ගත යුතු නැහැ.

ව්‍යව­හා­රික බුද්ධිය ඊළඟ වැද­ගත් සාධ­ක­යයි. අප අධ්‍ය­ය­නය කරලා, සංකල්ප ගොඩ­න­ඟලා, පොත­පත හදා­රලා, ලෝකයේ සිදු­වීම් අත්දැ­කීම් ලෙස එකතු කරලා ඇති. නමුත් ඒවා ඒ නිශ්චිත මොහොතේ ව්‍යව­හා­ර­යට නැඟීම තමයි වැද­ගත් වන්නේ. බොහෝ සංකල්ප රචනා කරන්න පුළු­වන්, හැබැයි ව්‍යව­හා­රික බුද්ධිය ඊට වඩා ප්‍රධාන සාධ­ක­යක්. සංක­ල්ප­ව­ලින්, පොත පතෙන්, අත්දැ­කී­ම්ව­ලින් එකතු කර ගන්න බැහැ. ඒ ඒ මොහො­තට අනු­රූප වන පරිදි නිවැ­ර­දිම තීන්දු තීරණ ගැනීම ව්‍යව­හා­රික බුද්ධි­යයි. එය අපේ දේශ­පා­ලන ව්‍යාපා­රයේ අඛ­ණ්ඩ­තාව රඳා පව­තින ප්‍රධාන සාධ­ක­යක්.

හොඳ ශක්ති­මත් ව්‍යාපා­ර­යක් ගොඩ­න­ඟන්නේ, අපේ ව්‍යාපා­රයේ සාරය හෘද සාක්ෂිය, එඩි­ත­ර­භා­වය, ව්‍යව­හා­රික බුද්ධි­යයි. නැවත නැවත අපිව ජීවත් කර­වන්නේ මේ සාර­යයි. ඕනෑම අභි­යෝ­ග­ය­කට මුහුණ දිය හැකියි කියන විශ්වා­සය ගොඩ­න­ඟන්නේ මේ සාරය තමයි. කුමන පරා­ජ­යන් හමුවේ හෝ ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ විශ්වා­සය අත්නො­හ­රින්නේ මේ සාරය නිසා තමයි. මේ සාරය පිහි­ටු­වන්නේ කුමක් මතද? අපි අපිව ජන­තාව උරගා බල­නවා. අපි ජන­තා­වට උරගා බලන්න විවෘත ව්‍යාපා­ර­යක් බවට පත්විය යුතුයි. හොඳ නරක නිරී­ක්ෂ­ණය කරන්න ඕන. එනිසා අපි සතු­රන් හමුවේ නොව, පාවා­දෙ­න්නන් හමුවේ නොව, සෑම විටම පොදු ජන­තාව හමුවේ පරී­ක්ෂ­ණ­යට භාජ­නය වෙන්න කැමැති ව්‍යාපා­ර­යක්. අප සාරය මත, ජන­තාව මත ගොඩ­නැ­ඟෙන ව්‍යාපා­ර­යක්. ජනා­ධි­ප­ති­ව­ර­ණය, මහ­මැ­ති­ව­ර­ණය අත්හ­රින්න. පසු­ගිය මැති­ව­ර­ණ­යේදී මහා අනු­හස් සහිත නාය­ක­යන් බිහි කළ මැද­මු­ලන කොට්ඨා­ස­යත් අප හමුවේ පරා­දයි. කොළඹ නග­රා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙක් වීම සඳහා තරග වැදුණු බොරැල්ල දකුණ කොට්ඨා­සය අපේ පොඩි සහෝ­ද­රි­ය­කට පරා­දයි. ඉතා­මත් ශක්ති­මත්ව ජන­තාව මත මේ ව්‍යාපා­රය පිහි­ටුවා තිබෙ­නවා.

අස්සක් මුල්ලක් නෑර, විහි­දුණු ජන­තා­වගේ පද­නම සහිත දේශ­පා­ලන ව්‍යපා­රය ජාතික ජන බල­වේ­ගය පම­ණයි. අනික් අය විවි­ධාං­ගී­ක­ර­ණ­යට ලක් වූ විප­ක්ෂ­යයි. විවි­ධාං­ගී­ක­රණ විප­ක්ෂය එකතු වුව­හොත් විවි­ධාං­ගී­ක­ර­ණය වෙලා ලද ප්‍රති­ඵ­ල­ය­වත් ලැබෙන්නේ නැහැ. ඒ අය බෙදිලා ඡන්දය ඉල්ලලා, සභාව පිහි­ටු­වන්න එකතු වෙන්න හද­නවා. මොන ලැජ්ජා නැති වැඩක්ද. ඔවුන් එකතු වෙලා ඡන්දය ඉල්ලන්න ලෑස්ති නම් අපි කුමන හෝ ඡන්ද­යක් තිය­නවා එකතු වෙලා වැඩ කරමු. විවි­ධාං­ගී­ක­ර­ණය වූ විප­ක්ෂය එක කණ්ඩා­ය­මක් ලෙසත්, ජාතික ජන බල­වේ­ගය තවත් කණ්ඩා­ය­මක් ලෙසත් කඳ­වුරු දෙක­කට බෙදමු. නමුත් හෙටත් මේ රටේ ජන­තා­වගේ පවුරු පද­නම් සහිත ව්‍යාපා­රය ජාතික ජන බල­වේ­ගය පම­ණයි. මේක ආපසු හර­වන්න කාට­වත් බැහැ.  ඇතැ­මුන් එක සභා­ව­ක්වත් දිනන්නේ නැතුව ඊළඟ ජන­පති වෙන්න හද­නවා. පුස් ව්‍යාපා­ර­ව­ලට රටේ බලය ගන්න හිත­න්න­වත් එපා. ඔවුන්ට ජන­තා­වගේ ධනය හොරාකෑ, මාධ්‍ය­වේ­දීන් ඝාත­නය කළ, පුර­වැ­සි­යන්ගේ අයි­ති­වා­සි­කම් කප්පාදු කළ, ජාති­වා­දය වැපිරූ ඉති­හා­සයේ සාර­යක් තමයි ඔවුන්ට තිබෙන්නේ. මේ සාර­යට පුළු­වන්ද විප්ලව කරන්න.

අපට ජන­තා­වගේ විශා­ල­තම බල­යක් තිබෙ­නවා. අපට සිතන්නේ නැති ඡන්ද­දා­ය­ක­ය­න්ගෙන් වැඩක් නැහැ. අපට අවශ්‍ය අනු­ගත වන ඡන්ද­දා­ය­ක­යෙක් නොව, ප්‍රති­චාර දක්වන, විරෝ­ධය දක්වන ඡන්ද­දා­ය­ක­යෙක්. ඒ සියල්ල කරන විට අව­සන් සටනේ අපිව ආරක්ෂා කරන ඡන්ද­දා­ය­ක­යෙක් අපට අව­ශ්‍යයි. තීර­ණා­ත්මක මොහොතේ හරි බල කඳ­වුර තෝරා නිවැ­රදි තීන්දු තීරණ ගන්නා ඡන්ද­දා­ය­ක­යෙක් අපට අව­ශ්‍යයි. ප්‍රති­චාර දක්වන, විරෝ­ධය දක්වන ඡන්ද­දා­ය­ක­යෙක් නොමැ­තිව මේ ව්‍යාපා­රය ඉදි­රි­යට ගෙන යන්න බැහැ. අනු­ගත සාමා­ජි­ක­ත්ව­යෙන්, අනු­ගත ඡන්ද­දා­ය­ක­ය­න්ගෙන් විනා­ශ­කා­රී­ත්ව­යට ඇද­ගෙන යන්න පුළු­වන්. හැබැයි යහ­පත් දේ කැඳවා ගෙන යන්න නම්, සිතන, ප්‍රති­චාර දක්වන, විරෝ­ධය දක්වන, තීර­ණා­ත්මක මොහො­තේදී අපිව ආරක්ෂා කරන ඡන්ද­දා­ය­ක­යෙක් තමයි අපට ඉන්නේ. අපි නැවත නැවත ජන­තාව කියන උර­ගලේ උරගා බැලිය යුතුයි. නිද්‍රා­ශීලි අනු­ගත වන සාමා­ජි­ක­යා­ගෙන් රටක පරි­ව­ර්තන ඇති කරන්න බැහැ.

අවු­රුදු පනස් නව­ය­කට වඩා අපි ගත කළේ බලය ලබා ගැනී­මට පොර බදපු ඉති­හා­ස­ය­කයි. අපි රෑ දවල්, නිවාඩු දින කිසි­වක් සැල­කි­ල්ලට භාජ­නය නොකර හෘද සාක්ෂි­යට එක­ඟව මේ රට පත්වෙලා තිබෙන විප­ත්ති­යෙන් බේරා ගැනී­මට කට­යුතු කළා. අප මෙය අත්හ­රින්නේ නැහැ. අපිට වැර­දෙන්නේ වච­න­යක් දෙකක්. ඒ වච­න­ව­ලට දෙන අර්ථ­ක­ථන පම­ණයි. අපිට මේ අලුත් පරි­ච්ඡේ­ද­යක්. අප වැඩ කර­මින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනි­මින් වැඩ කර­නවා. අප ආණ්ඩු බලය හෙබ­වීම සඳහා පුරුදු පුහුණු වූ කණ්ඩා­ය­මක් නෙවෙයි. බලය ලබා ගැනීම සඳහා දිගු ඉති­හා­ස­යක් පුරා පොර බදලා අපි මෙතැ­නට පැමිණ තිබෙන්නේ. අප රට­ටත් ජන­තා­ව­ටත් අසී­මිත ආද­ර­යෙන් මෙත­නට පැමි­ණියේ. ඒ නිසා අප වැඩ කර­මින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනි­මින් වැඩ කර­නවා. අපි සෑම­වි­ටම කට­යුතු කරන්නේ හෘද සාක්ෂි­යට අනු­වයි.

ලංකා ඉති­හා­සයේ පළමු වතා­වට ආණ්ඩු­වක් ගොඩ­නැඟී තිබෙ­නවා හෘද සාක්ෂිය සමඟ ජන­තාව සමඟ වැඩ­ක­රන ආණ්ඩු­වක්. අපට ව්‍යව­ස්ථා­වෙන් බැඳීම් තිබෙ­නවා. අණ පන­ත්ව­ලින් බැඳී සිටි­නවා. ඒවා සංශෝ­ධ­නය කළ හැකියි. තුනෙන් දෙකක් තියෙ­නවා. නමුත් අපි තුළ ඇත්තේ නීති­යෙන්, ව්‍යව­ස්ථා­වෙන් තිබෙන බැඳී­මක් නෙවෙයි. මේ රටේ ජන­තාව සමඟ අපි හෘද සාක්ෂි­යෙන් බැඳී සිටි­නවා. මේ රට ගොඩ­නැ­ඟීම වෙනු­වෙන් අපට තිබෙන අසී­මිත ආසාව හෘද සාක්ෂියේ විම­ස­මින් කට­යුතු කර­නවා.

සම­හරු කිය­නවා පේනවා මදි කියා, බය­වෙන්න එපා. මම කලින්ම කීවා එඩි­ත­ර­භා­වය කියන්නේ ඇගේ හයිය නොවන බව. විධා­යක බලය තිබෙ­නවා. පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක් තිබෙ­නවා. නිය­මිත තැන, නිය­මිත හැර­වීමේ තීන්දුව ගන්න අපි කට­යුතු කර­නවා. නිය­මිත තැන නිය­මිත දිශා­වට ගෙන යන්න අප එඩි­තර වෙනවා. අපේ එඩි­තර භාවය බලයේ බල­වත් භාවය ඇඟෙන් මනින්න එපා. අද තියෙන්නේ ඇඟේ දේශ­පා­ල­නය නොවෙයි. නිශ්චිත තැනදී පැකි­ළී­ම­කින් තොරව නිසි තීරණ ගැනී­මට එඩි­ත­ර­භා­වය මේ පක්ෂ­යට තියෙ­නවා. මේ ආණ්ඩු­වට එඩි­ත­ර­භා­ව­යක් තිබෙ­නවා. සම­හර දේ තව සති දෙක තුනක් යන­කොට බලා ගන්න. අපේ ව්‍යාපා­රය අපේ ආණ්ඩුව එක්ක විප­ක්ෂය අලගු තබ­න්න­වත් සුදුසු නැහැ. අපි ව්‍යව­හා­රික බුද්ධි­යෙන් කට­යුතු කර­නවා. අප විසින්ම ගොඩ­නඟා තිබෙන සංකල්ප මත හිර වෙයි කියලා විප­ක්ෂය සිතුවා. ඒ නිසා ඩොල­රය ඉහළ යයි ,තෙල් පෝලිම් ඇති වෙයි කියා බලා­පො­රො­ත්තු­වෙන් සිටියා. අපි ව්‍යව­හා­රික බුද්ධි­යෙන් පෝෂ­ණය වු දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් නිසා එසේ වැර­දුනේ නැහැ.

අපි පසු­ගිය සැප්තැ­ම්බර් 21 වෙනිදා බලය ගන්න විට කිව්වා මාස තුනෙන් ආණ්ඩුව වැටෙ­නවා කියලා. දැන් කිය­නවා උඳු­වප් මාසෙ ජනා­ධි­පති කෙනෙක්ව පත් කර­නවා කියලා. අපේ ආණ්ඩු­ක­ර­ණය යනු විශ්මිත ක්‍රියා­මා­ර්ග­ව­ලින් සම­න්විත ක්‍රියා­ව­ලි­යක්. අප ඉදි­රියේ තිබෙන දේශ­පා­ලන ව්‍යාපා­රය ළදරු, අප­රි­ණත, හිස් ව්‍යාපා­ර­යක්. මේ මාතෘ භූමිය අභි­යෝ­ග­ව­ලින් මුදා ගැනී­මට සාර්ථ­කව කට­යුතු කරන ව්‍යාපා­රය ජාතික ජන බල­වේ­ගය ප්‍රමුඛ ආණ්ඩු­වයි.

මාධ්‍ය නාළිකා විශාල චිත්‍ර පෙන්වා ඇතැ­මුන් ස්වයං­මෝ­හ­න­යට ලක් කර තිබෙ­නවා. දැන් අපට ජුනි දෙවෙ­නි­දා­යින් පසුව ගමේ බලය ලැබෙ­නවා. ජන වරම හොඳට තේරුම් ගත යුතුයි. සභා 152ක් අපි ආර­ම්භ­යේ­දීම පිහි­ටු­ව­නවා. ඉතුරු 115 පිහි­ටු­වන දවසේ පිහි­ටු­ව­නවා. සභාව පිහි­ටු­වී­මට පොර බදින්න දීපු පළ­මු­වැනි කණ්ඩා­යම සහ දෙවෙනි කණ්ඩා­ය­ම­ටයි ජන­තාව මනා­පය ලබා දී තිබෙන්නේ. ඒ නිසා එය ලබා­ගත් කණ්ඩා­ය­මට සභා පිහි­ටු­වී­මට අයි­ති­යක් තිබෙ­නවා. එයට අකුල් හෙළන්න, බාධා කරන්න එනවා නම් නීතියේ ඕනෑ තරම් ඉඩ­කඩ තිබෙ­නවා. අපි සෑම විටම ජන­ව­ර­මට ගරු කර­නවා. මේ පළාත් පාලන මැති­ව­රණ ප්‍රති­ඵ­ලය මහ මැති­ව­ර­ණ­යට යොදා බැලු­වත් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු එක­සිය විසි­දෙ­කක් ඉන්නවා. ඒ නිසා මෙවර ජය­ග්‍ර­හ­ණය ලැබූ සියලු පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වන්න අපි සූදා­නම්. එයට අභි­යෝග කර­නවා නම් අපි අභි­යෝ­ගය භාර­ගන්න සූදා­නම්. අපිට තිබෙ­නවා හෘද­සා­ක්ෂියේ බලය, අපිට තිබෙ­නවා එඩි­ත­ර­බවේ බලය. අපිට තිබෙ­නවා ව්‍යාහා­රි­ක­බවේ බලය. පාර්ලි­මේන්තු අණ­ප­න­ත්වල බලය. ඒ නිසා මේ අව­ස්ථාව අපි අත් නොහැර කට­යුතු කර­නවා. ඒ සඳහා අප සියලු දෙනාට ආරා­ධනා කර­නවා.

ඡායා­රූප – චින්තක කුමා­ර­සිංහ, රංජිත් අසංක සහ චන්න ජයවර්ධන   

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT