Thursday, May 15, 2025
Home » මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් “ටියුනප් දන්සැලක්”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් “ටියුනප් දන්සැලක්”

by chanaka
May 15, 2025 10:30 am 0 comment

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ‘ටියුනප් දන්සැලක්’ සංවිධාන කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද(15) සහ හෙට (16) යන දෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මෙම විශේෂ දන්සැල පැවැත්වෙන බවය.

පවතින වායු විමෝචන ප්‍රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරුපැදි, ත්‍රීරෝද රථ) සමත් වීම සිදු නොවන බව ජනතාව තුළ මතයක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

එම දුර්මතය ඉවත් කිරීම සඳහා නිවැරදි ශිල්පීය ක්‍රමය තුළින් වාහන නිවැරදි කරගත හැක යන සංකල්පය ප්‍රචලිත කිරීමට වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධාන කරනු ලබන ටියුනප් දන්සැල නොමිලේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ සුසර කර දීමේ වැඩසටහන පැවැත්වෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT