Thursday, May 15, 2025
Home » ලිවිසැරිය

ලිවිසැරිය

පොත් පුවත්

by Gayan Abeykoon
May 15, 2025 1:04 am 0 comment

අක්කර පහ

ශ්‍රී ලාංකේය නව­කතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුව­ඳින් යුතු නව­ක­තා­වක් ලෙස අක්කර පහට හිමි­වන්නේ අද්වි­තීය ස්ථාන­යකි. අඩසි­ය­ව­සක් පුරා පාඨක චිචා­රක අව­ධ­ානය මැන­වින් ග්‍රහ­ණය කර ගත් මෙම නව­කතාව විවිධ විභාග පරී­ක්ෂණ සඳහා නිර්දේශ වී ඇති අතර සිනමා සිත්ත­මට ද නැඟුණු අපූරු ගද්‍ය කාව්‍ය­යකි.

කර්තෘ – මඩ­වල එස්. රත්නා­යක

ප්‍රකා­ශ­නය – සීමා­ස­හිත ඇම්. ඩී. ගුණ­සේන සහ සමා­ගම

මිල – 900 = කි.


රතු රෝස මල

කෙටි කතා සංග්‍ර­හ­යකි. රතු රෝස මල, ගුරු­ව­රයා, දාවිත් අයියා, බයි­සි­ක­ලය, මාමාගේ ඉඩම, සෝමා, අව්ව ආදී වශ­යෙන් මෙහි කෙටි කතා 15ක් ඇතු­ළත්ය. අනු­ගත සම්මත කෙටි­කතා රීති­යෙහි ගැමි සමාජ ජීවි­ත­යෙන් උකහා ගන්නා ලද ජීවිත අත්දැ­කීම් මොන­වට මෙහි ඔප මට්ටම් කොට දක්වා ඇත.

කර්තෘ – ගුණ­දාස අම­ර­සේ­කර

ප්‍රකා­ශ­නය – සීමා­ස­හිත ඇම්. ඩී. ගුණ­සේන සහ සමා­ගම

මිල – 700 = කි.


හව්හ­රණ

නව­ක­තා­වකි. 1940 සිට දශක තුනක් සිය නෑ කෝරළේ ජන ජීවි­තය ගොඩ­නැංවූ පර­ම්පරා දෙකක කතා­න්ද­ර­යයි. නිදහ­සින් පසු ජන සමා­ජයේ ඇති වූ යම්යම් වෙන­ස්කම් තුළින් ගමත් එහි ජන­යාගේ ජීවි­තත් වෙනස් වූ ආකා­රය, ජන­තා­වගේ සිතුම් පැතුම් හා ආක­ල්ප­ව­ලට වූ පරි­ව­ර්ත­නය පිළි­බඳ රච­කයාගේ සිත තුළ උපන් අද­හ­සක ප්‍රති­ඵ­ලය ‘හව්හ­රණ’ නව­ක­තා­වයි.

කර්තෘ – දයා­නන්ද තිරි­මාන්න
ප්‍රකා­ශ­නය – මින්සර ප්‍රකා­ශන
මිල – 999 = කි.


සිංහ­ලෙන් හා ඉංග්‍රී­සි­යෙන් ඉතාලි භාෂාව

ඉතාලි හෝඩිය සහ අකුරු ශබ්ද කිරීම, ඉල­ක්කම් සහ දින, වර්ණ, වෘත්තීන්, නෑදෑ­කම්, ශරී­රය, නිවස, ලෙඩ­රෝග, ආහාර පාන යනා­දිය ගැන ඉතාලි බස සමඟ සිංහ­ලෙන් දක්වා ඇත. ඉතා­ලි­යට සංක්‍ර­ම­ණය වීමට අපේක්ෂා කරන අයට ඉතා කෙටි කාල­ය­කින් ඉතාලි භාෂාව පිළි­බඳ නිර­වුල් අව­බෝ­ධ­යක් ලැබී­මට උප­කාරී වේ.

සංස්ක­ර­ණය – සිල්වෙ­ස්ටර් ජය­කොඩි
පී. ඇම්. සේනා­රත්න
ප්‍රකා­ශ­නය – සීමා­ස­හිත ඇම්. ඩී. ගුණ­සේන සහ සමා­ගම
මිල – 750 = කි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT