Thursday, May 15, 2025
Home » අමෙ­රි­කාවේ විශා­ල­තම අවි ගනු­දෙ­නුව සෞදි අරා­බි­යට

අමෙ­රි­කාවේ විශා­ල­තම අවි ගනු­දෙ­නුව සෞදි අරා­බි­යට

වටි­නා­කම ඩොලර් බිලි­යන 142යි

by Gayan Abeykoon
May 15, 2025 1:30 am 0 comment

ජාත්‍ය­න්තර අව­ධා­නය දිනා ගනි­මින් මැද­පෙ­ර­දිග සංචා­රය ආරම්භ කළ අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සෞදි අරා­බිය ඩොලර් බිලි­යන 142ක අවි­ආ­යුධ ගනු­දෙ­නු­ව­කට එළැ­ඹුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරා­බිය, කටාර් රාජ්‍යය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර­ගත් ට්‍රම්ප්ගේ මැද­පෙ­ර­දිග සිව්දින නිල සංචා­රයේ පළමු දින­යේදී සෞදි අරා­බිය එක්වූ මේ අවි ගනු­දෙ­නුව අමෙ­රි­කානු ඉති­හා­සයේ විශා­ල­තම ආයුධ අලෙ­විය බව ද වාර්තා වේ.

ඊට  අම­ත­රව සෙසු ආයෝ­ජන ඇතු­ළත්ව දෙරට අතර ආයෝ­ජන ගිවි­සුම ඩොලර් ට්‍රිලි­ය­නය ඉක්ම­වනු ඇතැයි ඔටුන්න හිමි කුමරු මොහො­මඩ් බින් සල්මාන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.  සෞදි අරා­බිය තරම් ශක්ති­මත් හවු­ල්ක­රු­වෙක් අමෙ­රි­කා­වට නැතැයි දැවැන්ත ආයෝ­ජන එක­ඟ­තා­වට පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. සංචා­රය අත­ර­තුර අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සිරි­යා­වට සංව­ර්ධ­නය කරා ගමන් කිරී­මට කාලය උදාවූ බව කිය­මින් මෙතෙක් සිරි­යා­වට පන­වනු ලැබූ සියලු සම්බා­ධක ඉවත් කරන බවට ද පොරොන්දු වී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT