Thursday, May 15, 2025
Home » ඉන්දු-පාකි­ස්තාන සටන් විරා­මය දෙරටේ හමුදා මෙහෙ­යුම් ප්‍රධා­නීන්ගේ තීර­ණ­යක්

ඉන්දු-පාකි­ස්තාන සටන් විරා­මය දෙරටේ හමුදා මෙහෙ­යුම් ප්‍රධා­නීන්ගේ තීර­ණ­යක්

තුන්වැනි පාර්ශ්වයේ මැදි­හ­ත්වී­මක් නෑ - ඉන්දීය මාධ්‍ය කියයි

by Gayan Abeykoon
May 15, 2025 1:28 am 0 comment

ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය අතර සටන් විරාම එක­ඟ­තාව සිදු­ වූයේ දෙපා­ර්ශ්වයේ හමුදා මෙහෙ­යුම් අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රුන් අතර පැවැති සාක­ච්ඡා­ව­කින් පසුව බව ආරංචි මාර්ග උපුටා දක්ව­මින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දි­යාවේ සහ පාකි­ස්තා­නයේ හමුදා මෙහෙ­යුම් අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රුන් අතර අන්ත­ර්ජා­ලය ඔස්සේ පැවැති සාක­ච්ඡා­ව­කින් පසු යුද ගැටුම් අත්හි­ටු­වී­මට තීර­ණය වූ බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

දෙරටේ හමුදා මෙහෙ­යුම් ප්‍රධා­නීන් අතර සාකච්ඡා පවත්වා ඇත්තේ ඉන්දු – පාකි­ස්තාන යුද ගැටුම් සම­ථ­ය­කට පත් කිරී­මට තුන්වැනි පාර්ශ්වයේ මැදි­හ­ත්වීම සම්බ­න්ධව සහ­තික විය නොහැකි බව­ටත්, එය සිදු­විය යුත්තේ හමුදා මෙහෙ­යුම් ප්‍රධා­නීන් අතර සාක­ච්ඡා­ව­කින් පසුව බව­ටත්  ඉන්දීය රජය ප්‍රකාශ කිරීම හේතු­වෙන් බව ද ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරයි.

දෙරට අතර යුද ගැටුම් සම­ථ­ය­කට පත් කිරී­මට අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පාකි­ස්තාන හමු­දා­පති ජෙන­රාල් අසිම් මුනීර් සමඟ සාකච්ඡා කර ඇතැයි ද, එහිදී හමුදා ක්‍රියා­මාර්ග නැවැ­ත්වී­මට පාකි­ස්තාන හමු­දා­ප­ති­ව­රයා එක­ඟ­තාව පළ කර ඇතැයි ද වාර්තා වේ. අන­තු­රුව අමෙ­රි­කානු රාජ්‍ය ලේක­ම්ව­රයා ඉන්දීය විදේශ ඇමැති එස්.ජෙයි­ශං­කර් දුර­ක­ත­න­යෙන් අමතා පාකි­ස්තාන හමු­දා­ප­ති­ව­ර­යාගේ තීර­ණය දැනුම් දී තිබූ බව ද වාර්තා වේ. දෙරට අතර යුද ගැටුම් සම­ථ­ය­කට පත් කර­ගැ­නීම සඳහා අමෙ­රි­කාවේ උප­ ජ­නා­ධි­පති ජේඩී වැන්ස් ද ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT