ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව සිදු වූයේ දෙපාර්ශ්වයේ හමුදා මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල්වරුන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ සහ පාකිස්තානයේ හමුදා මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල්වරුන් අතර අන්තර්ජාලය ඔස්සේ පැවැති සාකච්ඡාවකින් පසු යුද ගැටුම් අත්හිටුවීමට තීරණය වූ බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
දෙරටේ හමුදා මෙහෙයුම් ප්‍රධානීන් අතර සාකච්ඡා පවත්වා ඇත්තේ ඉන්දු – පාකිස්තාන යුද ගැටුම් සමථයකට පත් කිරීමට තුන්වැනි පාර්ශ්වයේ මැදිහත්වීම සම්බන්ධව සහතික විය නොහැකි බවටත්, එය සිදුවිය යුත්තේ හමුදා මෙහෙයුම් ප්‍රධානීන් අතර සාකච්ඡාවකින් පසුව බවටත් ඉන්දීය රජය ප්‍රකාශ කිරීම හේතුවෙන් බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
දෙරට අතර යුද ගැටුම් සමථයකට පත් කිරීමට අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පාකිස්තාන හමුදාපති ජෙනරාල් අසිම් මුනීර් සමඟ සාකච්ඡා කර ඇතැයි ද, එහිදී හමුදා ක්‍රියාමාර්ග නැවැත්වීමට පාකිස්තාන හමුදාපතිවරයා එකඟතාව පළ කර ඇතැයි ද වාර්තා වේ. අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය විදේශ ඇමැති එස්.ජෙයිශංකර් දුරකතනයෙන් අමතා පාකිස්තාන හමුදාපතිවරයාගේ තීරණය දැනුම් දී තිබූ බව ද වාර්තා වේ. දෙරට අතර යුද ගැටුම් සමථයකට පත් කරගැනීම සඳහා අමෙරිකාවේ උප ජනාධිපති ජේඩී වැන්ස් ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.