ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පාකිස්තානය නිවේදනය කර ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එය කුපිත කරවනසුලු ප්‍රකාශයක් බව ද පාකිස්තාන රජය සඳහන් කර ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
පාකිස්තානයේ ත්රස්තවාදීන්ගේ ස්ථාන ඉලක්ක කරමින් සිදුකළ සින්දූර් මෙහෙයුම සාර්ථක වූ බවත්, ඉදිරියේදී එල්ල වන ඕනෑම ප්‍රහාරයකට දැඩි ප්‍රතිචාර දක්වන බවත් ඉන්දීය අගමැතිවරයා ජාතිය අමතා ප්‍රකාශ කළ අතර, සටන් විරාම ගිවිසුම පළමුවෙන්ම ඉල්ලා සිටියේ පාකිස්තාන රජය බවද ප්‍රකාශ කළ බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කරයි. දෙරට අතර පවතින වත්මන් සටන් විරාමයට පාකිස්තානය බැඳී සිටින බවත්, කලාපයේ සාමය පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. කලාපයේ සාමය පවත්වා ගැනීමට ඉන්දියාව ප්‍රමුඛතාව දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.