Thursday, May 15, 2025
Home » නැඟෙ­න­හිර ගාසා තීර­යට ඊශ්‍රා­ය­ල­යෙන් ගුවන් ප්‍රහා­ර­මා­ලා­වක්

නැඟෙ­න­හිර ගාසා තීර­යට ඊශ්‍රා­ය­ල­යෙන් ගුවන් ප්‍රහා­ර­මා­ලා­වක්

පල­ස්තී­නුවෝ 53ක් මරු දකිති

by Gayan Abeykoon
May 15, 2025 1:18 am 0 comment

නැඟෙ­න­හිර ගාසා තීර­යට එල්ල වූ ඊශ්‍රා­යල ගුවන් ප්‍රහාර මාලා­ව­කින් පල­ස්තී­නු­වන් 53 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවත්, ඉන් 22 දෙන­කුම දරු­වන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැඟෙ­න­හිර ගාසා තීරයේ ජබේ­ලියා නුවර ඉලක්ක කර­මින් එල්ල කළ එම ගුවන් ප්‍රහා­ර­යෙන් සර­ණා­ගත කඳ­වුරු හා නිවාස රැසක් විනා­ශ­යට පත්වූ බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ප්‍රහා­රය සම්බ­න්ධව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඊශ්‍රා­යල හමු­දාව ප්‍රකාශ කර ඇත්තේ පල­ස්තීන සන්නද්ධ කණ්ඩා­ය­මක් විසින් ඊශ්‍රා­ය­ල­යට එල්ල කළ රොකට් ප්‍රහා­ර­ය­කට ප්‍රති­චාර දක්ව­මින් ගුවන් ප්‍රහා­රය එල්ල කළ බවය. ප්‍රහා­ර­යට පෙර නිවා­ස­ව­ලින් ඉව­ත්වන ලෙස පල­ස්තී­නු­වන් දැනු­ම්වත් කළ බවත් ඊශ්‍රා­යල හමු­දාව සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­රය එල්ල වී ඇත්තේ ගාසා තීරයේ ජන සංහා­රය නැවැ­ත්වී­මට පිය­වර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මානව හිමි­කම් ප්‍රධානි ටොම් ෆ්ලෙචර් ආර­ක්ෂක කවු­න්සි­ල­යෙන් ඉල්ලා සිටී­මෙන් පසුව බවද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT