ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.ආර්. ගවායි එරට 52 වැනි අගවිනිසුරු ලෙස දිව්රුම් දුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔහු පළමු බෞද්ධාගමික අගවිනිසුරුවරයා මෙන්ම එරට පහත් යැයි සම්මත දාලිත් කුලයට අයත් පුද්ගලයකු අගවිනිසුරුවරයා ලෙස පත්වූ පළමු අවස්ථාව ද මෙය බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. 64 හැවිරිදි නව අගවිනිසුරුවරයා පසුගියදා ඉන්දීය ජනාධිපති ද්‍රව්පදි මුර්මු ඉදිරියේ දිව්රුම් දුන් බවත්, එම අවස්ථාවට අගමැති නරේන්ද්‍ර මෝදි සහ අභ්‍යන්තර කටයුතු ඇමැති අමිත් ෂා ඇතුළු රජයේ මැතිඇමතිවරු රැසක් සහභාගි වූ බවත් එරට මාධ්‍ය සඳහන් කරයි. වසර 1985 දී නීති ක්ෂේත්රයට එක්වූ නව අගවිනිසුරුවරයා ඉන්දියාවේ තීරණාත්මක නීති සංශෝධන රැසකට සිය දායකත්වය ලබා දී ඇතැයි ද, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියේ විධි විධාන ඉවත් කරමින් ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට විශේෂ තත්ත්වය පිරිනැමීමට රජය ගත් තීරණය ඒකමතිකව තහවුරු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ. නව අගවිනිසුරුවරයා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ සමාජ ප්‍රතිසංස්කරණවාදියකු හා දේශපාලන නායකයකු වූ බී.ආර්. අම්බෙඩ්කර් අනුගාමියකු බව ද වාර්තා වේ.