චීනය සමග පැවති සාකච්ඡාවේ තීරණ ක්‍රියාත්මක කරමින් අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමේ විධායක නියෝගය ඇමරිකාවේ ධවල මන්දිරය පසුගිය 12 වනදා නිකුත් කර තිබේ.
ඊට අනුව ඇමරිකාව ඊයේ(14) අලුයම, පසුගිය අප්‍රේල් 8වැනි දා පළ කළ අංක 14259 සහ 9 වැනිදා පළ කළ අංක 14266 විධායක නියෝගවල චීන භාණ්ඩ සඳහා පැනවූ 91% ක තීරුබදු ඉවත් කර ඇත.
එමෙන්ම පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවා ඇති අතර ඉතිරි 10% ක තීරුබදු එලෙසම පවත්වාගෙන යනු ඇත.
එමෙන්ම චීනයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් 800කට අඩු වටිනාකමකින් යුත් පාර්සල් වෙත පනවන තීරුබදු පහත දැමීම හෝ ඉවත් කිරීම ඇමරිකාව සිදු කරයි. ජාත්‍යන්තර තැපැල් සඳහා තීරුබදු 120% සිට 54%ක් දක්වා අඩු කර තිබේ. ඒ අනුව ලබන ජූනි මස පළමුවනදා සිට සෑම තැපැල් භාණ්ඩයක් සඳහා වන තීරුබදු ඇමරිකානු ඩොලර් 100 සිට 200ක් දක්වා වැඩි කිරීමේ පියවර ද ඇමරිකාව ඉවත් කර ඇත.