Friday, May 16, 2025
Home » පුටින් සාම සාකච්ඡාවලට නො එන බව ක්‍රෙම්ලිනය කියයි

පුටින් සාම සාකච්ඡාවලට නො එන බව ක්‍රෙම්ලිනය කියයි

by chanaka
May 15, 2025 4:23 pm 0 comment

තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි.

එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්‍රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය කළේ, සාම සාකච්ඡා සඳහා සහභාගී වීමට ලැයිස්තුගත කර ඇති නම් අතර රුසියානු ජනාධිපති පුටින් නැති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම රැස්වීමට එක්වීමට නියමිතව තිබුණි.

මේ වනවිට කටාර්හි රැඳී සිටින ඔහු පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන්නේ නම් තමා ද එයට සහභාගී නොවන බවයි.

2019 දෙසැම්බර් මාසයේ සිට රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් පෞද්ගලිකව හමු වී නොමැත.

දෙරට අතර අවසන් වරට සෘජු සාකච්ඡා පැවැත්වූයේ 2022 මාර්තු මාසයේදී ඉස්තාන්බුල්හිදී යි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT