Thursday, May 15, 2025
Home » උසා­වි­යට ගෙනා හර­ක් ක­ටා­ගෙන් ආන්දෝ­ල­නා­ත්මක හෙළි­ද­ර­ව්වක්

උසා­වි­යට ගෙනා හර­ක් ක­ටා­ගෙන් ආන්දෝ­ල­නා­ත්මක හෙළි­ද­ර­ව්වක්

කෝටි ගණන් සල්ලි දුන් අයගේ නම් කියයි

by Gayan Abeykoon
May 15, 2025 1:20 am 0 comment

චන්දන ජය­වීර

රැඳ­වුම් නියෝග පරිදි බන්ධ­නා­ගා­ර­ගත කර සිටින නඳුන් චින්තක වික්‍ර­ම­රත්න හෙවත් Òහරක් කටාÓ නමැ­ත්තාගේ රෝග තත්ත්වය සම්බ­න්ධ­යෙන් තංගල්ල ප්‍රදේ­ශය භාර වෛද්‍ය­ව­ර­යා­ගෙන් හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය­ව­ර­යකු ලවා පරීක්ෂා කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් සප­යන ලෙස කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක මහතා ත්‍රස්ත මර්දන කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාට ඊයේ (14දා) නියෝග කළේය.

අර්ශස් රෝගය ඇතුළු රෝග කිහි­ප­ය­කින් තමා පෙළෙන නමුත් බන්ධ­නා­ගා­රය තුළදී ඒ සඳහා තමාට අවශ්‍ය වෛද්‍ය ප්‍රති­කාර නොලැ­බෙන බවට විත්ති කූඩුවේ සිට ප්‍රකා­ශ­යක් කළේය.

එම කරුණ කෙරෙහි අව­ධා­නය යොමු කළ අධි­ක­ර­ණය විත්ති­ක­රු­ව­කුට වෛද්‍ය ප්‍රති­කාර ලැබී­මට අයි­ති­යක් ඇති බව පව­ස­මින් ඉහත නියෝ­ගය ක‌ළේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරයේ සිටි­යදී පලා­යෑ­මට කුම­න්ත්‍ර­ණය කිරීමේ චෝද­නා­වට හරක් කටා ඇතුළු විත්ති­ක­රු­වන් තිදෙ­න­කුට මෙම නඩුව ගොනු­කර තිබේ.

නඩුවේ 3 වැනි විත්ති­කරු වන එල්ලං­ගොඩ මද්දු­මගේ දිනේෂ් තරංග නමැත්තා ලබන 28දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට හා 2 වැනි විත්ති­කාර හිටපු පොලිස් කොස්තා­පල් මුනි­පා­ලගේ රවිදු සංදීප ගුණ­සේ­කර නමැ­ත්තාගේ රැඳ­වුම් නියෝ­ගය ලබන 22දා අව­සන් වීමට නිය­මිත බැවින් එදින අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසද නියෝග කළේය.

එහිදී 2 වැනි විත්ති­කරු වෙනු­වෙන් පෙනී­සිටි නීතිඥ ජාලිය සම­ර­සිංහ මහතා කරුණු දක්ව­මින් සිය සේවා­දා­ය­කයා මේ වන­විට වසර කිහි­ප­යක් රැඳ­වුම් නියෝග අනුව රඳවා සිටින බවත් විත්ති­ක­රුට එරෙ­හිව පවරා ඇති නඩු­වට මුහු­ණ­දී­මට දීර්ඝ කාල­යක සිට බලා­පො­රො­ත්තුව සිටින බවත් කියා සිටි­යේය. එබැ­වින් මීළඟ නඩු දින ඔහු වෙනු­වෙන් ඇප අය­ඳු­මක් ඉදි­රි­පත් කිරී­මට බලා­පො­රොත්තු වන බව ද කියා සිටි­යේය.

Òහරක් කටාÓ වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ කපිල වෛද්‍ය­රත්න මහතා  කරුණු දක්ව­මින් සිය සේවා­දා­ය­කයා වෙනු­වෙන් ද එදින ඇප අය­දු­මක් ඉදි­රි­පත් කිරී­මට අද­හස් කරන බව කියා සිටි­යේය.

රජයේ අධි­නී­තිඥ සචින්ත බණ්ඩාර මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් ඒ් සම්බ­න්ධ­යෙන් බල­වත් ලෙස විරෝ­ධය දැක්වූ­වේය.

නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් රජයේ අධි­නී­තිඥ සචින්ත බණ්ඩාර පැමි­ණිල්ල මෙහෙ­ය­වීය. සංජය ආරි­ය­දාස, අමිලා උද­යාං­ගනී, බුද්ධික චන්ද්‍ර­සේ­කර, පුබුදු රන්දිම, නදිශ සුරංග යන නීති­ඥ­වරු විත්තිය වෙනු­වෙන් පෙනී සිටි­යහ.

නඩු විභා­ගය අව­සන් වීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළ­කායේ දැඩි ආර­ක්ෂාව යටතේ විත්ති­කරු තංගල්ල පැරණි බන්ධ­නා­ගා­ර­යට රැගෙන ගියේය. ඒ යන අතර තුර  විත්ති­කරු එහි රැඳී සිටි මාධ්‍ය අම­ත­මින් හිටපු මහ­ජන ආර­ක්ෂක ඇමැ­ති­ව­ර­යකු සහ පොලි­ස්ප­ති­ව­ර­යකු තම­න්ගෙන් රුපි­යල් කෝටි 30ක කප්ප­මක් ඉල්ලා සිටි බවත් එය ලබා නොදීම නිසා තමන්ට නඩු පවරා ඇති බව­ටත් අන්දෝ­ල­නා­ත්මක ප්‍රකා­ශ­යක් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT