Thursday, May 15, 2025
Home » සේව­ක­ය­කුට පහර දුන් සිද්ධිය ‘ටීචර් අම්මා’ ඇතුළු පිරි­සට ඇප

සේව­ක­ය­කුට පහර දුන් සිද්ධිය ‘ටීචර් අම්මා’ ඇතුළු පිරි­සට ඇප

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

කොච්චි­කඩේ සමූහ - ඩී. මිහි­ඳු­කුල

සේව­ක­යකු වශ­යෙන් සිටි පරි­ග­ණක ක්‍රියා­ක­රු­ව­කුගේ යටි­බඩ ප්‍රදේ­ශ­යට පා පහ­රක් එල්ල කර බර­ප­තළ ලෙස පහ­ර­දී­මක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොය­මින් සිටි ආන්දෝ­ල­නා­ත්මක පහේ ශිෂ්‍යත්ව පන්ති  ගුරු­ව­රිය අධි­ක­ර­ණ­යට ඊයේ භාර වීමෙන් අන­තු­රුව රුපි­යල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට මීග­මුව අති­රේක මහේ­ස්ත්‍රාත් දර්ශිමා ප්‍රේම­රත්න මහ­ත්මිය නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදා හැරියේ ශිෂ්‍යත්ව උප­කා­රක පන්ති ගුරු­ව­රි­යක වන හයේ­ෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැ­ත්ති­යයි.

ඊයේ (14) දහ­වල් 12.00ට පමණ නඩුව ආරම්භ වූ අව­ස්ථා­වේදී පැමි­ණිල්ල වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළ කටාන පොලී­සිය සඳ­හන් කළේ මෙම සිද්ධියේ ප්‍රධාන සැක­කා­රිය මෙතෙක් සොයා ගැනී­මට නොහැ­කිව ඇති අතර ඇය පදිංචි නිවෙස අත්හැර පලා­ගොස් ඇති බවයි.

නඩුව ආරම්භ වී විනාඩි විස්සක් පමණ ගත වන විට සැක­කා­රිය සුදු සාරි­ය­කින් සැරසී මුව ආව­ර­ණ­යක් ද පැලඳ අධි­ක­රණ ශාලා­වට ඇතුළු වූවාය. එහිදී සැක­කා­රිය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී­සිටි ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහතා විසින් ඇයව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය. එහිදී ඇය විත්ති­කු­ඩු­වට නැග්ගාය.

ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහතා ඇය වෙනු­වෙන් ඇප ඉල්ලා සිටි අතර ඇගේ සැමියා සහ කළ­ම­නා­කරු වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ කාලිංග ඉන්ද­තිස්ස මහතා ඇප ඉල්ලා සිටි­යේය.

සැක­ක­රු­වන් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීති­ඥ­වරු කියා සිටියේ මෙම නඩුව සමථ මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ යුතු නඩු­වක් වන බවය.

එහිදී මෙම සිද්ධි­යට ආධාර අනු­බල දීම සහ සිද්ධිය වීඩි­යෝ­ගත කර එම සාක්ෂි සැඟ­වීම සම්බ­න්ධ­යෙන් ගුරු­ව­රි­යගේ ආය­ත­නයේ සේවය කරන ඩිලාන්, මලීෂ යන පුද්ග­ල­යන් දෙදෙ­න­කුද සැක­ක­රු­වන් ලෙස නම් කර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

එහිදී ජනා­ධි­පති නීති­ඥ­වරු දෙදෙනා ඇතු­ළුව නීතිඥ මණ්ඩ­ල­යක් එම සැක­ක­රු­වන් පස්දෙනා වෙනු­වෙන් දීර්ඝව කරුණු දක්ව­මින් ඇප ඉල්ලා සිටි­යේය.

ඉදි­රි­පත් වූ සියලු කරුණු සලකා බැලූ අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­ක­රු­වන් පස්දෙනා ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැ­රී­මට නියෝග කළාය.

ඒ, අනුව මෙලෙස ඇප නියම වූයේ හයේ­ශිකා ප්‍රනාන්දු, සැමියා චානක විශ්ව­ජිත්, කළ­ම­නා­කරු ප්‍රනිත්  සුරෙන්ද්‍ර, ඩිලාන්, මලිෂ යන අය­ටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT