Thursday, May 15, 2025
Home » ග්‍රීන් ලංකා සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ක­ව­රි­යට ඇප
කෝටි හතක බදු වංචා කළ සිද්ධිය:

ග්‍රීන් ලංකා සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ක­ව­රි­යට ඇප

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

කල්පනි අබේ­සිංහ

රජ­යට අය­විය යුතු වැට් බදු සහ ආදා­යම් බදු වසර තුනක් (2017, 2019, 2020) නොගෙවා රජ­යට රුපි­යල් කෝටි හත­කට ආසන්න මුද­ලක් පැහැර හැර අධි­ක­ර­ණය මඟ­හැර සිටි­යදී වරෙන්තු නිකුත් කර තිබූ  ග්‍රීන් ලංකා  සමා­ගමේ   අධ්‍ය­ක්ෂ­ක­ව­රි­යක් ඇප­මත මුදා­හැ­රී­මට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් බණ්ඩාර ඉලං­ග­සිංහ  මහතා ඊයේ  (14) නියෝග කළේය.

වසර ගණ­නා­වක් වරෙන්තු මත අධි­ක­ර­ණය මඟ­හැ­රී­මෙන් සිටි අධ්‍ය­ක්ෂ­ක­ව­රිය පොලී­සිය මඟින් මහත් පරි­ශ්‍ර­ම­යක් දරා අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ විශ්‍රා­මික ප්‍රභූ­ව­ර­ය­කුගේ නිවසේ සිටි­යදී පසු­ගිය සිකු­රාදා රාත්‍රියේ බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා සඳ­හන් කළේය.

මෙම සැක­කා­රිය සෙන­සු­රාදා කොටුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබූ බව ද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා  සඳ­හන් කළේය.  මෙම සමා­ගම් සමූ­හයේ අධ්‍ය­ක්ෂ­ක­ව­රුන්ට එරෙ­හිව වැට් ආදා­යම් බදු සහ එන්.බී.ටී. හිඟ බදු මුදල් අය­කර ගැනී­මට 2017/19/20 වර්ෂ­ව­ලදී ආදා­යම් බදු දෙපා­ර්ත­මේ­න්තුව  විසින් කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඉදි­රියේ මෙම නඩුව පවරා පවරා තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT