Thursday, May 15, 2025
Home » ව්‍යාපා­රික කාන්තා­වට ඇප
ජෝර්ජ් රජු සන්නසකින් දුන් ඉඩමට හොර ඔප්පුවක් හදලා

ව්‍යාපා­රික කාන්තා­වට ඇප

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

කුරු­ණෑ­ගල අති­රේක පුෂ්ප­කු­මාර ජය­රත්න

පස්වැනි ජෝර්ජ් රජු විසින් සන්නස් පත්‍ර­ය­කින් තෑගි ලෙස ලබාදී තිබූ ඉඩ­ම­කට ව්‍යාජ ඔප්පු­ව­ක්‍ ­ස­කසා අයි­තිය ලබා­ගැ­නී­මට උත්සාහ කළැයි කුරු­ණෑ­ගල කොට්ඨාස පොලිස් වංචා විම­ර්ශන අංශය මඟින් අත්අ­ඩං­ගු­වට ගත් ව්‍යාපා­රික කාන්තා­වක් රුපි­යල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට කුරු­ණෑ­ගල අති­රේක මහේ­ස්ත්‍රාත් තිළිණ කෞශල්‍ය මහතා ඊයේ (14) නියම කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ පොල්ග­හ­වෙල, වත්තේ­ගෙ­දර ප්‍රදේ­ශයේ පදිංචි හැත්තෑ­දෙ­හැ­වි­රිදි  කාන්තා­වකි.

කුරු­ණෑ­ගල වඳු­රා­ගල පදිං­චිව සිට දැනට මිය­ගොස් ඇති රාජ­ගුරු මුදි­ය­න්සේ­ලාගේ කිරි­බණ්ඩා යන අයට 1926 වස­රේදී පස්වැනි ජෝර්ජ් රජු විසින් සන්නස් පත්‍ර­ය­කින් ප්‍රදා­නය කරන ලද ඉඩ­ම­කට ව්‍යාජ ඔප්පු­වක් සක­ස්කර ඇති බව පොලී­සිය සඳ­හන් කරයි.

කුරු­ණෑ­ගල හංහ­මු­ණව ප්‍රදේ­ශයේ ඇති හිරි­ය­ල්පොල වත්ත යන අක්කර නව­ය­හ­මා­රක් පමණ විශාල මෙම ඉඩ­මෙන් නොබෙදූ කොට­ස­කට කූට ලේඛන සකස් කොට තෑගි ඔප්පු­වක් මඟින් චුදිත කාන්තා­වගේ දිය­ණි­ය­කට 2015 වර්ෂ­යේදී පවරා දී ඇති බව කුරු­ණෑ­ගල කොට්ඨාස වංචා විම­ර්ශන ඒක­කය විසින් කරන ලද පොලිස් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.

ඉඩමේ හිමි­කරු මිය යෑමෙන් පසු ඔහුගේ එකම දිය­ණිය වන අමරා පද්මිණි හුණු­කු­ඹුර යන අයට පිය උරු­ම­යෙන් හිමිව තිබූ එම ඉඩම ඇය තම පුත­කුට 2013 වසරේ තෑගි ඔප්පු­ව­කින් පවරා දී ඇත. එම කාන්තාව මේ වන­විට 92 වියෙහි පසු­ව­න්නීය.

එසේ මව­ගෙන් තෑගි ඔප්පු­ව­කින් නීත්‍ය­නු­කූ­ලව ලබාදී තිබූ එම ඉඩම ඔහු වැල්ලව මකු­ල්වැව පදිංචි අය­කුට 2022 වස­රේදී විකුණා ඇත.

ඒ අනුව එම ඉඩමේ වර්ත­මාන නීත්‍ය­නු­කූල හිමි­කරු ඉඩ­මට යන­විට කූට­ලේ­ඛන සකසා ඉඩම අත්පත් කර­ගැ­නී­මට කට­යුතු කර­මින් සිටි කාන්තාව හා  අයගේ සැමියා ඉඩමේ අයි­තිය සම්බ­න්ධ­යෙන් බාධා කිරීම හේතු­වෙන් එහි නීත්‍ය­නු­කූල හිමි­කරු ඒ පිළි­බ­ඳව කුරු­ණෑ­ගල කොට්ඨාස වංචා විම­ර්ශන ඒක­කය වෙත පැමි­ණිලි කර ඇත.

ඒ අනුව කරන ලද දීර්ඝ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව අදාළ ඉඩමේ හිමි­කා­රී­ත්වය වංච­නි­කව ලබා­ගැ­නී­මට කට­යුතු කර ඇති බවට අනා­ව­ර­ණය වීම හේතු­වෙන් ව්‍යාපා­රික කාන්තා­වට එරෙ­හිව කූට ලේඛන සැක­සීම ඇතුළු චෝදනා 3ක් යටතේ නඩු පැව­රී­මට පොලී­සිය කට­යුතු කර ඇත.

කුරු­ණෑ­ගල කොට්ඨාස භාර ජෙෂ්ඨ පොලිස් අධි­කාරී චන්දන හේරත්ගේ උප­දෙස් මත කුරු­ණෑ­ගල කොට්ඨාස වංචා විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සමන් විජේ­බ­ණ්ඩා­රගේ මූලි­ක­ත්ව­යෙන් පොලිස් පරී­ක්ෂක රත්නා­ය­කගේ මෙහෙ­ය­වී­මෙන් පැමි­ණිල්ල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT