Thursday, May 15, 2025
Home » බූස්ස බන්ධ­නා­ගාර අධි­කාරි ඝාත­න­යට සැක දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට

බූස්ස බන්ධ­නා­ගාර අධි­කාරි ඝාත­න­යට සැක දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
May 15, 2025 1:02 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

බූස්ස බන්ධ­නා­ගා­රයේ අධි­කාරි ලෙස කට­යුතු කළ අහං­ගම වල­වගේ සිරි­දත් ධම්මික (විශ්‍රා­මික) මහ­තාගේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වකු සහ සැක­කා­රි­යක ගලේ­වෙල පොලිස් ස්ථානයේ නිල­ධා­රින් විසින් පෙරේදා (13) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ දේව­හුව එකේ ඇළ ප්‍රදේ­ශයේ පදිංචි යුව­ළකි. මොවුන් වයස අවු­රුදු 47ක් වූ සැක­ක­රු­වකු සහ වයස අවු­රුදු 34ක් වූ සැක­කා­රි­යක බව පොලී­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගෙන ඇති සැක­කරු සහ සැක­කා­රිය වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර දී තිබේ.

විශ්‍රා­මික බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යකු වූ සිරි­දත් ධම්මික මහතා සිය නිවසේ මිදුලේ සිටි­යදී මාර්තු මස 13දා පස්ව­රු­වේදී වෙඩි තබා ඝාත­නය කොට තිබුණි. මෙසේ ඝාත­නය කොට ඇත්තේ බූස්ස බන්ධ­නා­ගා­රයේ අධි­කාරි ලෙස කට­යුතු කළ අහං­ගම වල­වගේ සිරි­දත් ධම්මික (61) නමැති විශ්‍රා­මික බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යෙකි.

මොහු අක්මී­මණ ඉහ­ළ­ගොඩ ප්‍රදේ­ශයේ පිහිටි සිය නි‍ෙවස ඉදි­රි­පිට ගෙවත්තේ වැඩ කර­මින් සිටි අව­ස්ථා­වේදී යතු­රු­පැ­දි­ය­කින් පැමිණි දෙදෙ­නකු විසින් මිලි­මී­ටර් නවය වර්ගයේ පිස්තෝ­ල­ය­කින් ඔහුට වෙඩි තබා පලා ගොස් තිබුණි.

වෙඩි වැදී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ විශ්‍රා­මික බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­රයා ගාල්ල කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රති­කාර අංශ­යට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT