66
පෞද්ගලික ජංගම දුරකතනයෙන් වට්ස්ඇප් සමූහයක් සකස්කර පොලීසියේ පණිවුඩ පොලීසියේ නොවන අය සමඟ හුවමාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.
පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂවරයා විසින් මෙම වැඩ තහනම් නියෝගය පෙරේදා (13) නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පොලීසියේ රහස්‍යභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් මෙම වැඩ තහනම සිදුකර ඇති බව ද එම නිලධාරියා පැවසීය.