Thursday, May 15, 2025
Home » සිරි­පුර හොර පොහොර ගබ­ඩා­වක් වට­ලයි

සිරි­පුර හොර පොහොර ගබ­ඩා­වක් වට­ලයි

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

සිරි­පුර සමූහ - මදු­ශානි අබේ­සිංහ

පොලො­න්න­රුව සිරි­පුර ප්‍රදේ­ශයේ පොහොර ගබ­ඩා­වක් පව­ත්වා­ගෙන යමින් නයි­ට්‍ර­ජන් අඩු ප්‍රමා­ණ­යක් ඇති මිල අඩු පොහොර, නයි­ට්‍ර­ජන් වැඩි පොහොර ලෙස නැවත අසුරා වැඩි මිලට අලෙවි කිරීමේ මහා පරි­මාණ ජාවා­ර­මක් හෙළි කර­ගත් පොලො­න්න­රුව කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රීන් මෙම ජාවා­ර­මට සම්බන්ධ සැක­ක­රු­වන් දෙළොස් දෙනකු ඊයේ (14) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

පොලො­න්න­රුව සිරි­පුර ප්‍රදේ­ශයේ පොහොර ගබ­ඩා­වක් පව­ත්වා­ගෙන යමින් මෙම ජාවා­රම කාල­යක් තිස්සේ කර­ගෙන ගොස් ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

සැක­ක­රු­වන් සමඟ එසේ මිල වෙනස් කළ පොහොර මිටි දහ­දා­හ­කට ආසන්න ප්‍රමා­ණ­යක් මෙන්ම පොහොර පටවා තිබූ ලොරි හත­රක් සහ තවත් උප­ක­රණ තොග­යක් ද අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය කියයි.

නයි­ට්‍ර­ජන් සිය­යට විසි එකක් පව­තින පොහොර ඉතා අඩු මිලට ගෙනැ­විත්, සිය­යට හත­ළිස් හයක් නයි­ට්‍ර­ජන් පව­තින බවට ව්‍යාජ ලෙස සකසා ඒවා පොහොර බෑග්ව­ලට ඇසු­රුම් කර ගොවීන්ට වැඩි මිලට අලෙවි කිරීම මෙම මධ්‍ය­ස්ථා­නය තුළ සිදු කර ඇතැයි ද පොලී­සිය පව­සයි.

මෙම ජාවා­රම් සිදු කරන ප්‍රධාන සැක­කරු ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් ඇති අතර, එම පොහොර මිශ්‍ර කර­මින් සිටි සේව­ක­යන් එකො­ළොස් දෙනකු ද මෙම වැට­ලී­මේදී අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය කියයි. ඒ අතර මෙම ස්ථානයේ කළ­ම­නා­කරු ද සිටි අතර ඔහු ඇඹි­ලි­පි­ටියේ පදිං­චි­ක­රු­වෙකි.

පොහොර ඇසු­රුම් කර­මින් සිටි සේව­ක­යන් එකො­ළොස් දෙනාම මඩ­ක­ල­පුව සන්ධි­වේලි ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් බව ද පොලී­සිය පව­සයි.

වැඩි මිල සට­හන් කරන ලද හිස් පොහොර මලු දෙද­හ­ස­කට ආසන්න සංඛ්‍යා­වක් සහ පොහොර බෑග් මහන මැෂින්, වැඩි මිල සට­හන් කරන යන්ත්‍ර සූත්‍ර කිහි­ප­යක් ද අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය සඳ­හන් කරයි.

මෙම ජාවා­රම කර­ගෙන ගිය ප්‍රධාන සැක­කරු පෞද්ග­ලික පොහොර සමා­ග­ම­කින් නයි­ට්‍ර­ජන් අඩු ප්‍රමා­ණ­යක් ඇති කිලෝ පනහේ පොහොර මිටි­යක් රුපි­යල් 5000ක් වැනි මිල­කට ගන්නා බව අනා­ව­ර­ණය වී තිබේ. නයි­ට්‍ර­ජන් ප්‍රමා­ණය වැඩි අග­යක් දක්වන මලු­වල මෙම පොහොර ඇසු­රුම් කර අර­ල­ගං­විල, සිරි­පුර, වැලි­කන්ද ඇතුළු පොලො­න්නරු දිස්ත්‍රි­ක්කය පුරා ගොවීන්ට සහ අලෙවි නියෝ­ජි­ත­යන්ට බෙදා­හැර ඇති බවට හෙළිව ඇතැයි ද පොලී­සිය කියයි. එම පොහොර අලෙවි කර ඇත්තේ නයි­ට්‍ර­ජන් අඩු පොහොර මිටි­යක මිලට වඩා දෙතු­න්ගු­ණ­යක් වැඩි මිලට බව සඳ­හන්ය.

වැඩි නයි­ට්‍ර­ජන් ප්‍රමා­ණ­යක් තිබෙන බවට ව්‍යාජ සට­හන් කරන ලද පොහොර ලබා­ගන්නා ගොවීන් එම පොහොර, වී වගා­වට යෙදු­වද ඔවුන් යොදා ඇත්තේ සිය­යට විසි එකක් පමණ පව­තින නයි­ට්‍ර­ජන් පොහො­රය.

පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ විශාල බිම් ප්‍රමා­ණ­යක වී වගා­වට යල මහ දෙක­න්නයේ බොහෝ ගොවීන් පිරි­සක් කාල­යක සිට යොදා ඇත්තේ මෙම ජාවා­ර­ම්ක­රු­වා­ගෙන් ගත් පොහොර බවට හෙළිව ඇතැයි පොලී­සිය කියයි. එම පොහොර යොදන ගොයම කහ පැහැ­ගැන්වී අස්වැන්න අඩු වන බවත් මේ නිසා පොලො­න්න­රුවේ ගොවි­බි­ම්ව­ලින් අපේ­ක්ෂිත වී ඇස්වැන්න කාල­යක සිට නොලැබී ඇති බව පෙනී යන බවත් පොලී­සිය සඳ­හන් කරයි.

මෙම මහා පරි­මාණ ජාවා­රම සිදු කිරීම සඳහා ප්‍රධාන සැක­කරු සමඟ තවත් බල­වත් කිහි­ප­දෙ­නකු සම්බන්ධ වී ඇති බවට සැක කරන බව පොලො­න්න­රුව කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය සඳ­හන් කරයි.

මෙම පොහොර ගබ­ඩාව පරීක්ෂා කිරී­මට නිවාස සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ටී.බී. සරත් මහතා ඇතුළු කණ්ඩා­ය­මක් ද පැමිණ තිබිණි. එහිදී ගබ­ඩාව ආස­න්නයේ ගෙවතු දෙකක සඟවා තිබූ වාහන තුනක් ඇතු­ළුව තවත් ‍ලේබල් ගැසූ විවිධ වර්ගයේ පොහොර මලු විශාල ප්‍රමා­ණ­යක් සොයා ගැනී­මට හැකි වූ බව පොලො­න්න­රුව කොට්ඨාස විම­ර්ශන අංශය සඳ­හන් කරයි.

පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නිශාන් ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත, වැලි­කන්ද ප්‍රදේ­ශය භාර සහ­කාර පොලිස් අධි­කාරි එම්.එස්.එම්. ජරූල් මහ­තාගේ මැදි­හ­ත්වී­මෙන්, පොලො­න්න­රුව කොට්ඨාස විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ජේ.පී.ආර්.කේ. ජාගො­ඩගේ මහ­තාගේ සහ පොලිස් පරී­ක්ෂක ඒ.ටී. බණ්ඩාර යන මහ­ත්ව­රුන්ගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් සැර­ය­න්ව­රුන් වන (42229) රංග, (61580) චමින්ද, (71995) චන්ද්‍ර­සේන, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (82748) සඳ­කැ­ළුම්, (34968) නිශ්ශංක, (88883) ලක්ෂාන් යන නිල­ධා­රීහු මෙම වැට­ලී­මට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT