Thursday, May 15, 2025
Home » චීන පොහොර නැවේ සිද්ධි­යට අල්ලන්න එපා

චීන පොහොර නැවේ සිද්ධි­යට අල්ලන්න එපා

මහි­න්දා­නන්ද අපේ­ක්ෂිත ඇප ඉල්ලයි

by Gayan Abeykoon
May 15, 2025 1:28 am 0 comment

කල්පනි අබේ­සිංහ

ප්‍රමි­ති­යෙන් තොර කාබ­නික පොහොර නැවක් මෙර­ටට ආන­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් තමන්ව අල්ලස් කොමි­සම මඟින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පෙර අපේ­ක්ෂිත ඇප­යක් මත මුදා­හ­රින ලෙස ඉල්ලා හිටපු කෘෂි­කර්ම ඇමැති මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ මහතා ඉදි­රි­පත් කළ ඇප අය­දු­ම්පත ලබන 19 වැනිදා සලකා බැලී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනුජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (14) නියම කළාය.

රජ­යට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන හයයි දශම බිංදු­වයි නව­යක (6.09) පාඩු­වක් සිදු කර­මින් මීට වසර හත­ර­කට පෙර (2021) චීනයේ සමා­ග­ම­කින් මෙර­ටට ගෙන්වන ලද ප්‍රමි­ති­යට අනු­කූල නොවන කාබ­නික පොහොර තොග­ය­කට අදා­ළව අත්හි­ටුවා තිබූ ණය­වර ලිපි විවෘත කිරී­මට අදාළ විම­ර්ශ­නය සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වී­මට අල්ලස් කොමි­ස­මට නොතීසි නිකුත් කරන ලෙසට ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය. සිද්ධි­යට අදා­ළව තමා අත්අ­ඩං­ගු­වට නොගන්නා ලෙස ඉල්ලා හිටපු කෘෂි­කර්ම ඇමැති මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ මහතා ඊයේ අපේ­ක්ෂිත ඇප ඉල්ලු­මක් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රිය හමුවේ ගොනු කර තිබිණි. ඒ අනුව ඊයේ පැමි­ණිල්ල කැඳවූ අව­ස්ථාවේ මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ මහතා වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුන් පවසා සිටියේ, මෙම අපේ­ක්ෂිත ඇපය සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වී­මට ජනා­ධි­පති නීතිඥ කාලිංග ඉන්ද­තිස්ස මහතා බලා­පො­රො­ත්තු­වෙන් සිටින බවයි.

ඒ අනුව ඒ සඳහා සිකු­රාදා දින ලබා දෙන ලෙස නීති­ඥ­වරු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යහ. ඊට පිළි­තුරු දෙමින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය පැව­සුවේ හෙට සහ සිකු­රාදා දින කැඳ­වී­මට දින නිය­මව ඇති නඩු බොහො­ම­යක් ඇති බවත් එම නිසා මෙම නඩුව සම්බ­න්ධ­යෙන් එළැ­ඹෙන සඳුදා දින අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්වන ලෙසයි. ඒ අනුව පෙත්සම සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වී­මට එදි­නට දින නියම කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම ඉල්ලීම සම්බ­න්ධ­යෙන් කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමි­ස­මට නොතීසි නිකුත් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT