සීමාසහිත ජාතික තරුණ සේවා සමුපකාරය හෙවත් නිස්කෝ (NYSCO)ආයතනයෙන් ප්‍රවර්ධනය කරන පාඨමාලා හෝ වැඩසටහන් ගැන කිසිදු සම්බන්ධයක් සිය අමාත්‍යාංශයට නොමැති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඒ. එච්. එම්.යූ. අරුණ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
සීමාසහිත ජාතික තරුණ සේවා සමුපකාරය හෙවත් නිස්කෝ( NYSCO) ආයතනයෙන් පවත්වන පාඨමාලා වැඩසටහන් ප්‍රවර්ධනය සහ ඒවාට අදාළව නිකුත් කරන සහතික පත්‍ර සඳහා අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නාමය සහ රාජ්‍ය ලාංඡනය භාවිත කරන බව නිරීක්ෂණයවී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී සහ එහි අනුකාරක සභාවේදී මතු වූ කරුණු සහ නිර්දේශ අනුව අමාත්‍යාංශයේ නාමයත්, රාජ්‍ය ලාංඡනයත් භාවිත කරමින් පාඨමාලා පැවැත්වීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විමර්ශනය කිරීමට කමිටුවක් ද අමාත්‍යාංශය විසින් පත්කරනු ලැබ ඇත.
ඒ අනුව උක්ත ආයතනය විසින් පවත්වන සහ ප්‍රවර්ධනය කරනලද කිසිදු පාඨමාලාවක් හෝ වැඩසටහනක් ගැන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර සිටියි.