Thursday, May 15, 2025
Home » ගෝඨාගේ සමයේ කාබනික පොහොර ව්‍යාපෘතියට මිලියන 700ක් වැය කළේ ශක්‍යතා අධ්‍යයනයකින් නොවෙයි

ගෝඨාගේ සමයේ කාබනික පොහොර ව්‍යාපෘතියට මිලියන 700ක් වැය කළේ ශක්‍යතා අධ්‍යයනයකින් නොවෙයි

කෝප් කමිටුවේදී අනා­ව­ර­ණය වෙයි

by Gayan Abeykoon
May 15, 2025 1:23 am 0 comment

ස්වර්ණා විජේ­කෝන් සහ සන්ධ්යා කරු­ණා­රත්න

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභා­වෙන් රුපි­යල් මිලි­යන හත්සි­ය­යක විය­ද­මින් කාබ­නික පොහොර ව්‍යාපෘ­ති­යක් ආරම්භ කිරී­මට 2021දී ඇමැති මණ්ඩල පත්‍රි­කා­වක් යොමු කළත් ඒ සඳහා කිසිදු ශක්‍යතා අධ්‍ය­ය­න­යක් සිදු කර නොමැති බව පොදු ව්‍යාපාර පිළි­බඳ පාර්ලි­මේන්තු කාරක සභා­වේදී අනා­ව­ර­ණය වී ඇත.

මේ ඇමැති මණ්ඩල පත්‍රි­කාව සකස් කිරී­මට ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ නිල­ධා­රීන් මැදි­හ­ත්වී­මක් සිදු කර නොමැති බව එම කොමි­ෂන් සභාවේ නිල­ධා­රීන් පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ 2022 සහ 2023 වර්ෂ සඳහා වූ විග­ණ­කා­ධි­පති වාර්තා සහ වර්ත­මාන කාර්ය­සා­ධ­නය පරීක්ෂා කිරී­මට පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාව (කෝප්) එහි සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිශාන්ත සම­ර­වීර මහ­තාගේ සභා­ප­තී­ත්ව­යෙන් පසු­ගි­යදා පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී රැස්වූ අව­ස්ථා­වේදී මේ බව අනා­ව­ර­ණය වී ඇත.

මේ ව්‍යාපෘ­තිය සඳහා රුපි­යල් මිලි­යන 700ක් ඇමැති මණ්ඩල පත්‍රි­කා­ව­කින් අනු­මත කර­ගෙන තිබු­ණත් ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභා­වෙන් ඒ සඳහා රුපි­යල් මිලි­යන 350ක් නිද­හස් කර තිබූ බව කාරක සභාවේ සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී නිශාන්ත සම­ර­වීර මහතා පැවැ­සීය. එයින් රුපි­යල් මිලි­යන 302ක් විය­දම් කර තිබූ බවත්, ආදා­යම් ලෙස ව්‍යාපෘ­ති­යෙන් රුපි­යල් මිලි­යන 22ක් පම­ණක් ලැබී තිබූ බවත් වැඩි­දු­ර­ටත් කරුණු දක්ව­මින් කාරක සභාවේ සභා­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්ව­මින් ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ නීති හා මුදල් අධ්‍ය­ක්ෂ­වරු මේ කාබ­නික පොහොර ව්‍යාපෘ­තිය සඳහා මුදල් ලබා­දීම කොමි­ෂන් සභා පන­තට පට­හැණි බවට ලිඛි­තව නිරී­ක්ෂණ දී තිබූ බව පැව­සූහ.

කෙසේ වෙතත් අමා­ත්‍යාංශ මට්ට­මින් තමන් වෙත ලැබෙන නියෝග ප්‍රති­ක්ෂේප කිරී­මට නොහැකි බැවින් මුදල් නිද­හස් කිරී­මට කට­යුතු කළ බව ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ මුදල් අධ්‍ය­ක්ෂ­ව­රයා මෙහිදී සඳ­හන් කර ඇත. මේ කාබ­නික පොහොර ව්‍යාපෘ­ති­යට මුදල් අනු­මත කිරීම කොමි­ෂන් සභා පන­තට පට­හැණි බවට නිරී­ක්ෂණ ලබා­දීම හේතු­වෙන් තමන්ට පීඩා සිදු කළ බව කොමි­ෂන් සභාවේ නීති අධ්‍ය­ක්ෂ­ව­රයා කෝප් කමි­ටු­වට පැව­සු­වේය.

දිව­යිනේ ස්ථාන 35ක මේ කාබ­නික පොහොර නිෂ්පා­ද­නය ආරම්හ කිරීම සඳහා මෙලෙස මුදල් දී තිබු­ණත් මේ වන­විට ස්ථාන පහක ඒ සඳහා ඉදි­කළ ගොඩ­නැ­ඟිලි කිසිදු ප්‍රයෝ­ජ­න­යක් නොගෙන පව­තින බව ද කාරක සභා­වේදී අනා­ව­ර­ණය විය.

මෙහිදී අද­හස් දැක්වූ කාරක සභා සභා­ප­ති­ව­රයා මේ අසා­ර්ථක වූ කාබ­නික පොහොර ව්‍යාපෘ­ති­යෙන් මූල්‍ය වංචා­වක් සිදුව තිබේ ද නැද්ද යන්න පිළි­බඳ පරී­ක්ෂණ පැවැ­ත්වීම සම්බ­න්ධව අල්ලස් හෝ දුෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට සහ අදාළ නීති­මය කට­යුතු සඳහා අදාළ ආය­තන වෙත පැමි­ණිලි කරන බව සඳ­හන් කළේය. කෙසේ වෙතත් මේ සම්බ­න්ධ­යෙන් කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය පරී­ක්ෂ­ණ­යක් මේ වන­විට ආරම්භ කර ඇති බව ද එම අමා­ත්‍යං­ශයේ ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සු­වේය.

මේ අතර කළ­ම­නා­ක­රණ සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­මැ­ති­ය­කින් තොරව ආව­රණ අනු­මැ­ති­යට යටත්ව යැයි සඳ­හන් කර­මින් සේව­ක­යන් සඳහා ස්ථිර නව පත්වීම් ලබා දීම පිළි­බ­ඳව ද කාරක සභා­වේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මේ කාරක සභා රැස්වීම සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන නලින් බණ්ඩාර ජය­මහ, චමින්ද වි‍ජේසිරි, නීතිඥ සම­න්මලී ගුණ­සිංහ, සුදත් බල­ගල්ල, වෛද්‍ය එස්. ශ්‍රී බවා­න­න්ද­රාජා, ජගත් මනු­වර්ණ, සුනිල් රාජ­පක්‍ෂ, ධර්ම­ප්‍රිය විජේ­සිංහ, අසිත නිරෝ­ෂණ එගොඩ විතාන, තිළිණ සම­ර­කෝන්, චන්දිම හෙට්ටි­ආ­රච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේම­චන්ද්‍ර මහත්ම මහ­ත්මීහු සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT