ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය සහ උඩවත්තකැලේ කේන්ද්‍ර කර ගනිමින් ස්වභාවික පරිසරයේ දැවැන්ත වෘක්ෂයන් යට විදේශිකයන් සඳහා භාවනා වැඩසටහන් සංවිධාන කිරීමට දළදා මාලිගාවෙන් සැලසුම් කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය යෝගා පැදුරු 100ක් දළදා මාලිගාවට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඊයේ (14) පරිත්‍යාග කරන ලදි.
මෙරටට පැමිණෙන විදේශිකයන් බොහෝ පිරිසක් දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහනුවරින් බැහැර යන බවත්, ඔවුන් නගරයේ රඳවා ගැනීමට ක්‍රියාත්මක සැලසුම් අතර මේ භාවනා වැඩසටහන ද අන්තර්ගත බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීවේය.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම්වත් වීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය යෝගා පැදුරු ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව එම පැදුරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට භාරදීම ඊයේ (14) දළදා මාලිගාවේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාවට මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස් සාරාන්‍යා වී. එස්. මහත්මිය ද සහභාගි වූවාය.
ඡායාරූපය – අසේල කුරුළුවංශ