වෙනදා මෙන්ම වෙසක් සඳ අහසේ රැස් වළල්ලක් මැද අලංකාරයෙන් පායා ඇත්තේ පාළුකඩවල ජලාශයේ ජලය මත රටා මවමිනි. නමුත් තවත් පැය කිහිපයකින් සිදුවන්නට යන මහා ඛේදවාචකය ගැන නම් පියකරු රට මැවූ ජලකඳ නොදැන සිටින්නට ඇති.
පුංචි දිනුලි මීරිගම සිට සිය නැදෑ සනුහරේත් සමඟ තම මවගේ ගම් පියසට පැමිණෙන්නේ වෙසක් සිරි විඳින අටියෙනි.
ඔවුන් මවගේ නිෙවසේ බීම දන්සලක් සංවිධානය කළා. ඒ පාළුකඩවල පුරාණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැරට සහභාගී වන වන බැතිමතුන්ට. දන්දීමේ ප්‍රීතිය භුක්තිවිඳිමින් සිටි ඔවුන් දියේ විනෝද වීම සඳහා යන්නේ ඉන් පසුවය. පෙරේදා (13) දිනයයි.

එල්.ජී. දිනුලී අමංෂා

එල්.ජී. චසුනී ඉමල්ෂා
“අපි කුඹුක්ගහමංකඩට යමු. එතනට අපි ඊයෙත් ගියා. එහෙ නියමයි.” නඩේට පාර කිවුවේ දිනුලි සහ ඇයගේ ඥාති සහෝදරියක් වූ චසුනිය. ඔවුන් සිද්ධිය වූ දිනට පෙරදිනයේදී ද එම ස්ථානයට ගොස් දිය නා සතුටු වී තිබුණ නිසාය.
ඔවුන් එම ස්ථානයට යන විටත් ගමේ පිරිසක් එම ස්ථානයේ දිය නාමින් සිටියා.
නිමේෂයකින් දිනුලී හා චසුනි රැදි සිටි කුඹුක්ගහ මංකඩේ පියගැට පෙළ මත තිබු දිය සෙවල මතට පා තබනවාත් සමඟ ලිස්සා පහළට ඇදී ගොස් ඇත.
එම ස්ථානයේ සිටි පිරිස් කඩිනමින් අනෙක් දරුවන් පිරිස බේරාගෙන ගොඩට ගෙන තිබුණද දිනුලි හා චසුනි ජලය යටට ඇදී ගොස් සොයා ගත නොහැකි විය.
දැරියන් දෙදෙනා අඩි 20ක වැව් පතුළට ඇදී ගොස් තිබියදී සොයා ගත්තේ රැස්ව සිටි පිරිසේ විලාප මැදයි.
දැරියන් දෙදෙනා ජලාශයට වැටී විනාඩි 30 කට ආසන්න කාලයක් සොයා ගැනීමට ගතවී තිබුණි.
ජලයෙන් ගොඩ ගත් දැරියන් දෙදෙනා කඩිනමින් 1990 හදිසි ගිලන් රථයකින් ගල්ගමුව රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබුණත් ඔවුන් මෙලොව හැර ගොස් තිබුණි.
දිය රකුසා සොරාගත් එල්.ජී. දිනුලී අමංෂා දැරිය 14 වන වියේ පසු විය. ඇය මීරිගම ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අකුරු කරමින් සිටි අතර වැඩිමල් සොහොයුරියක් සහ බාල සොහොයුරෙක් සිටී. දිනුලී සමඟ දිය රකුසා සොරාගත් එල්.ජී. චසුනී ඉමල්ෂා එම පවුලේ වැඩිමහල් දරුවා විය. බාල සහෝදරියක් සහ සහෝදරයෙකු සිටී. චසුනි අපොස සාපෙළට පෙනී සිට ඇති බව කියයි.
මෙම දැරියන් දෙදෙනාගේ සිරුරු ගල්ගමුව රෝහලට රැගෙන ගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.