Thursday, May 15, 2025
Home » සුදු මහ­ත්තයා සා.පෙළට ප්‍රැක්ටි­කල් කරලා ගෙදර එනවා කියලා ගියේ

සුදු මහ­ත්තයා සා.පෙළට ප්‍රැක්ටි­කල් කරලා ගෙදර එනවා කියලා ගියේ

ගැර‍ඬි­ඇල්ල බස් අන­තු­රින් මිය­ගිය අශේන් මෙනු­කගේ ලොකු අම්මා හැඬූ කඳු­ළින් කියයි

by Gayan Abeykoon
May 15, 2025 1:02 am 0 comment

වැල්ල­වාය විශේෂ ජී.අයි.ආර්. ගරු­සිංහ

“සුදු මහ­ත්තයා සා.පෙළ විභාගේ ප්‍රැක්ටි­කල් එක කරලා අයේ එනවා කියලා ගියේ. රෑ 11.30ට විතර බස් එකට නැග්ගේ. පාන්දර 4ට විතර කෝල් එකක් ගත්තා. නුව­රට කිට්ටු­වෙලා ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කෝල් ගත්තට ෆෝන් එක වැඩ කළේ නෑ. උදේ වෙන­කොට ආරං­චි­යක් ආවා කත­ර­ගම ඉඳලා කුරු­ණෑ­ගල ගිය බස් එක පෙර­ළිලා කියලා. අපිට හිතුණා පුතා­ටත් කර­ද­ර­ය­ක්වත් වෙලාද දන්නෙ නෑ කියලා. ඒ ගමන අපි වෑන් එකක් අර­ගෙන නුවර ගියා” යැයි නුව­ර­එ­ළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගැර‍ඬි­ඇල්ල ප්‍රදේ­ශයේ බස් අන­තු­රින් මර­ණ­යට පත්වූ අශේන් මෙනුක කෞෂාන් පාසල් සිසු­වාගේ ලොකු අම්මා හැඬූ කඳු­ළින් කීවාය.  තෙලුල්ල ජන­ප­දය ඇති­ලි­වැව ලිපි­නයේ පදිංචි අශේන් මෙනුක කෞෂාන් කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ ඔහුගේ අත්තම්මා හා සීයා ඇතුළු පවුලේ ඥාතීන් සම­ඟිනි. තෙලුල්ල ජන­පද විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය හැදෑරූ ඔහු සාමා­න්‍ය‍ ‍ෙ­පළ හැදෑ­රීම සඳහා ඇතු­ළත් වී ඇත්තේ නුවර පාස­ල­ක­ටය. ඔහුගේ මව නුවර ප්‍රදේ­ශයේ රැකි­යා­වක් කරන අතර අශේන්, ඇය සමඟ බෝඩි­මක ජීවත් වෙමින් සාමාන්‍ය පෙළ විභා­ගයේ පළමු කඩ­ඉම නිමා කළේ ඉකුත් අප්‍රේල් මාස­යේ­දීය. විභා­ගය නිමා වුවත් එහි ප්‍රායෝ­ගික කොටස කර­න්නට තිබුණේ ඉකුත් 11 වැනි­දාය. ඒ සඳහා අශේන් නුවර එන්නට මෙම බස් රථ­යට ගොඩවී තිබුණේ රාත්‍රී 11.30ට පම­ණය. ඒ වැල්ල­වාය – තණ­ම­ල්විල මාර්ගයේ තෙලුල්ල ජන­ප­ද­යෙනි.   සිය පුත්‍ර‍යා සම්බ­න්ධ­යෙන් ඔහුගේ ලොකු අම්මා වන එස්. ඒ. අනු­ලා­වතී මහ­ත්මිය මෙසේ ද කියා සිටි­යාය.

“අපේ සුදු මහ­ත්තයා හරි­ය­ටම හත­ර­හ­මා­රට විතර කෝල් එකක් අර­ගෙන කිව්වා. ‘දැන්නම් නුව­රට කිට්ටුයි වගේ කොහෙද කියලා කියන්න දන්නේ­නම් නෑ. බස් එකේ සෙනඟ ගොඩයි. නුව­රින් බැහැලා කෝල් එකක් ගන්නම්” කියලා කිව්වා.

ඊට පස්සේ පුතාගේ ෆෝන් එක වැඩ කළේ නෑ. අපි කෝල් ගත්තා, ගත්තා ෆෝන් එක ඕෆ් වෙලා තිබුණේ. ඒ වෙන­කොට පාන්දර හයට හතට ඇති වටින් ගොඩින් ආරංචි වුණා. බස් එකක් පෙර­ළිලා කියලා. අපි එච්චර හිතුවෙ නෑ. පස්සේ කත­ර­ග­මින් කුරු­ණෑ­ගල ඊයේ රෑ ගියපු බස් එක කියලා දැන­ගත්තා. පුතා ඒ බස් එකේනේ නැග්ගුවේ කියලා ඉතිං අපිත් කල­බල වෙලා හනික අපේ දෙන්නෙක් බයි­සි­කලේ උදේම නුව­රට ගියා. ඊට පස්සේ තව හත්අ­ට­දෙ‍ෙ­නක් වාහ­න­යක් කතා­කර ගෙන පිටත් වුණා. අපි ඉස්පි­රි­තා­ලෙට ගියා. ඒ යන­කොට පුතා නැති වෙලා. පුතා ඉප­දුන කාලේ ඉඳලා හැදුනේ වැඩුණේ අපි එක්ක. එයාගේ තාත්තා දාලා ගියාට පස්සේ අම්මා පුතාව ජීවත් කර­වන්න ලොකු මහ­න්සි­යක් ගත්තා. රට රස්සා­ව­කට පවා ගියා. අවු­රුදු 14ක්ම ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ ලියන්න නුවර ඉස්කෝ­ලෙ­කට දාලා ඉගැ­න්නුවා. එයා ඒ පැත්තේම ඇඟ­ලුම් කර්මාන්ත ශාලා­වක වැඩට ගියේ. දෙන්නා එක්ක බෝඩි­මක හිටියේ. සාමා­න්‍ය‍ ­පෙළ විභාගේ ලිව්වට පස්සේ පුතා වැල්ල­වායේ තෙලුල්ලේ අපේ මහ­ගෙ­දර ආවා. මාස­ය­ක­ටත් වැඩිය හිටියේ මෙහේ තමයි. ඒ ඇවිත් ඊයේ තමයි ප්‍රැක්ටි­ක­ල්ව­ලට යන්න කියලා ගියේ. ඒ යන­කො­ටත් අපිට වැඳලා ආයේ එන්න වෙයිද දන්නේ නෑ අම්මා එව­යිද දන්නේ නෑ කියලා ගියේ.”

කුඩා කල සිට හැදුණු වැඩුණු තෙලුල ජන­ප­ද­යට අශේන්ගේ නිසල සිරුර රැගෙන එන බවක් ඔහුගේ මව දැන­ගෙන සිටියේ නැත. ඈ තව­මත් බලා­ගෙන සිටින්නේ තම පුතු ප්‍රායෝ­ගික පරී­ක්ෂ­ණ­යට මුහු­ණ­දෙ­න්නට නුවර එන­තු­රුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT