Thursday, May 15, 2025
Home » ගැර­ඬි­ඇල්ලේ අන­තු­රෙන් තවත් අයෙක් මිය­යයි

ගැර­ඬි­ඇල්ලේ අන­තු­රෙන් තවත් අයෙක් මිය­යයි

රස පරී­ක්ෂක සහ මෝටර් රථ පරී­ක්ෂක කොත්ම­ලේට එයි

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

කොත්මලේ රම්බොඩ ගැර­ඬි­ඇල්ල ප්‍රදේ­ශ­යේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අන­තු­රින් බර­ප­තල ලෙස තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි තරු­ණ­යකු ඊයේ  (14) දින මිය ගිය ගොස් ඇත.

ඒ අනුව මෙම අන­තු­රින් මිය­ගිය ගණන 23 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ තිස්ස­ම­හා­රාම ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 21 ක් වූ ඕම­ල්පගේ දිනෙත් ප්‍රසන්න නමැති තරු­ණ­යකු බව කොත්මලේ පොලී­සිය කියයි.

ගම්පොළ ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කොට දැඩි­ස­ත්කාර ඒක­කයේ ප්‍ර‍තිකාර ලබ­මින් සිටි මෙම සිසු­වාගේ මොලේ අක්‍රි­යව ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මෙසේ ඊයේ (14) මිය­ගොස් ඇත.

මේ අතර අන­තු­රට ලක්වූයේ බස් රථයේ කාර්මික දෝෂ­යක් හේතු­වෙ­න්දැයි  සොයා  රජයේ රස පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් සහ මෝටර් රථ පරී­ක්ෂ­ක­ව­රයා ඊයේ (14) සිය විම­ර්ශන කට­යුතු ආරම්භ කරනු ලැබීය.

කොත්මලේ පොලිස් ස්ථානයේ ඇති අන­තු­රට ලක්වූ බස් රථය එම නිල­ධා­රීන් විසින් ඊයේ දැඩි සෝදි­සි­ය­කට ලක්ක­ර­මින් විද්‍යා­ත්මක විම­ර්ශ­න­යක නිර­තවූ බව පොලී­සිය සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT