තාවකාලික යාවත්කාලීන කිරීමක් නිසා බිඳ වැටී තිබූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය අද (15) වන විට යථා තත්ත්වයට පත් කළ හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුනුපොල මහතා “දිනමිණ”ට ඊයේ (14) පැවසීය.
මෙම නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ඊයේ (14) දහවල් ආරම්භ කළ අතර සයිබර් ප්‍රහාරයක් හෝ වෙනත් හේතුවක් නිසා වෙබ් අඩවියේ බිඳවැටීමක් සිදුව නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
තාක්ෂණිකව සිදු කරන අප්ලෝඩ් කිරීමක් නිසා වෙබ් අඩවිය තාවකාලිකව බිඳවැටීමකට ලක්ව ඇත. ඉක්මණින් එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේය.
මේ දිනවල විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා දරුවන් වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වීම සිදු කරන අතර වෙබ් අඩවිය අකර්මණ්‍ය වීම නිසා දරුවන් අනවශ්‍ය බියකට පත් නොවිය යුතුය. අද (15) සිට නැවත දරුවන්ට සාමාන්‍ය පරිදි වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වීම සිදු කළ හැකිය.