Thursday, May 15, 2025
Home » වෑන් රිය අඩි 50ක් ප්‍රපා­ත­යට පෙරළී 21ක් රෝහලේ
ගැර­ඬි­ඇල්ල ප්‍රදේ­ශ­යේදී තවත් රිය අන­තු­රක්

වෑන් රිය අඩි 50ක් ප්‍රපා­ත­යට පෙරළී 21ක් රෝහලේ

4කට බර­ප­ත­ළයි

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

නෝර්වුඩ් සමූහ-රංජිත් රාජ­පක්ෂ, ගම්පොළ සමූහ සුරංග දිල්හාන් සහ තල­ව­කැලේ සමූහ තිරු කේතිස්

විසි තුන් දෙන­කුට ජීවිත අහි­මි­ක­ර­මින් සිදුවූ බස් රථ අන­තුර සිදුවූ කොත්මලේ ගැර­ඬි­ඇල්ල ප්‍රදේ­ශ­යේදී බදුල්ලේ සිට නුව­ර­එ­ළිය හරහා අනු­රා­ධ­පුර රාජාං­ග­ණය දක්වා ධාව­නය වූ වෑන් රථ­යක් අඩි 50ක පමණ ප්‍රපා­ත­ය­කට පෙරළී අන­තු­ර­කට ලක්ව තිබේ.

බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේ­ශ­යේදී ඊයේ සිදුවූ මෙම අන­තු­රින් තුවාල ලැබූ  වෑන් රථයේ ගමන් ගත් 21 දෙනක් කොත්මලේ ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව කොත්මලේ පොලි­සිය පව­සයි. රෝහල් ගත කළ තුවා­ල­ක­රු­ව­න්ගෙන් තුවා­ල­ක­රු­වන් 18 දෙනකු ගම්පොළ ප්‍රාදේ­ශීය රෝහ­ලට මාරු කර යැවූ බවත්, ඉන් තුවා­ල­ක­රු­වන් සිව් දෙන­කුගේ තත්ත්වය බර­ප­තළ බවත් කොත්මලේ ප්‍රාදේ­ශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිල­ධාරි ඉමේෂ් වීර­තුංග මහතා සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT