Thursday, May 15, 2025
Home » දියේ ගිලී එක් දින­කදී 10ක් මිය ගිහින්

දියේ ගිලී එක් දින­කදී 10ක් මිය ගිහින්

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

දියේ ගිලී­මෙන් පෙරේදා (13) දින පම­ණක් පුද්ග­ල­යන් දස­දෙ­නකු මිය­ගොස් ඇති බව පොලී­සිය පව­සයි. විනෝද චාරි­කා­වක් පැමිණි වයස අවු­රුදු 27ක් වූ මාතලේ පදිං­චි­ක­රු­වෙක් හලා­වත දැදු­රු­ඔය මංකඩේ දිය නෑමට යෑමේදී මිය­ගොස් ඇත.

මීග­මුව වෙරළ තීරයේ දිය නෑමට ගිය වයස අවු­රුදු 18ක කල­ගෙ­ඩි­හේන ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක් මිය ගොස් ඇති බව පොලී­සිය පව­සයි.

පුත්ත­ලම විල්ලුව වැවේ දිය නෑමට ගිය පුද්ග­ල­යකු ද දියේ ගිලී අතු­රු­ද­හන්ව ඇත. වෙන්න­ප්පුව නයි­න­ම­ඩම වෙල්ල­මං­ක­රය ප්‍රදේ­ශයේ දිය නාමින් සිටි පුද්ග­ල­යන් සිවු දෙනකු දියේ ගිලි මිය ගොස් තිබේ. ඔවුන් බග­ව­න්ත­ලාවේ සිට රැකියා සඳහා වෙන්න­ප්පු­වට පැමිණ සිටි පිරි­සකි.

පොල්ග­හ­වෙල දෙන­ග­මුව ප්‍රදේ­ශයේ පිරි­වෙ­නක අධ්‍යා­ප­නය ලබ­මින් සිටි යාය, පද­විය ප්‍රදේ­ශයේ පදිංචි 9 හැවි­රිදි දරු­වෙක් එම පිරි­වෙ­නේම ළිඳ­කට වැටී මිය­ගොස් ඇති බව පොල්ග­හ­වෙල පොලී­සිය පව­සයි.

ගල්ග­මුව පාළු­ක­ඩ­වල වැවේ දිය නෑමට ගිය තරු­ණි­යන් දෙදෙ­නකු දියේ ගිලී මිය­ගොස් තිබේ. මෙලෙස මිය­ගොස් ඇත්තේ වයස අවු­රුදු 12ක් වූ මීරි­ගම, දස­ය­පව්ව ප්‍රදේ­ශයේ සහ වයස අවු­රුදු 17ක් වූ රත්න­පුර ගොළු­වා­විල ප්‍රදේ­ශයේ පදිංචි තරු­ණි­යන් දෙදෙ­නකු බව ගල්ග­මුව පොලී­සිය පව­සයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT