පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතාව විසින් ලබාදුන් තීරණයට අනුව ඉදිරියේදී කටයුතු කරන බව ද බහුතර ජනතාව වත්මන් ආණ්ඩුවට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
යම්කිසි ආකාරයකට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමෙන් පසුව බහුතර බලයක් නොමැති ආයතන කටයුතු කරගෙන යාමේ දී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමුකරන අතර එවැනි පළාත් පාලන ආයතන අස්ථාවර වීමට ඉඩනොදෙන බව ද හෙතෙම සඳහන් කරයි.
මාස 7ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම ඉහළ නංවා ගැනීමට හැකිව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා සියයට තුන්සිය ගුණයකින් ඡන්ද ප්රමාණය වැඩිකර ගැනීමට, ජනතා විශ්වාසය දිනාගැනීමට සමත්ව තිබෙන බව ද රටට ආදරය කරන සහ රට වෙනුවෙන් පෙනී සිටින ජනතාව තම පක්ෂය වටා ඒකරාශි වී තිබෙන බව ද කියා සිටියි.