Thursday, May 15, 2025
Home » කෑගල්ල පොසොන් පෙර­හර ජුනි 20 දා

කෑගල්ල පොසොන් පෙර­හර ජුනි 20 දා

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

කෑගල්ල වෑව­ල­දෙ­ණිය විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති පහත බුල­ත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළේ මහ දිසාවේ ප්‍රධාන සංඝ­නා­යක හෙම්මා­ත­ගම සිද්ධාර්ථ නාහි­මි­පා­ණන් වහ­න්සේගේ මූලි­ක­ත්ව­යෙන් 84 වැනි පොසොන් මහ පෙර­හර ජුනි මස 20 වන දින පැවැත්වේ.

පොසොන් පෙර­හර සංවි­ධාන කිරී­මට අදාළ කමි­ටුව පරි­සර අමාත්‍ය දම්මික පට­බැඳි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කැඳ­වන ලදී.

එම අව­ස්ථා­වට පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ සාග­රිකා අතා­වුද, කෑගල්ල නග­රා­ධි­පති නිමල් කරු­ණා­රත්න, කෑගල්ල ප්‍රාදේ­ශීය සභා සභා­පති සරත් රණ­සිංහ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, විහා­රස්ථ දායක සභාවේ නිල­ධාරී මහත්ම මහ­ත්මීන්, රාජ්‍ය නිල­ධා­රීන්, නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු පොලිස් නිල­ධා­රීන්, වෙළෙඳ සංග­ම්වල නියෝ­ජි­ත­යන්, අභි­න­ව­යෙන් තේරී පත්වූ පළාත් පාලන ආය­තන මන්ත්‍රී­ව­රුන් ඇතුළු පිරි­සක් සම්බන්ධ වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT