ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා කැනඩාවේ නව මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත්කර තිබේ. එරට නව අගමැති මාර්ක් කාර්නිගේ රජයේ ඇමැතිවරයකු ලෙස ආනන්දසංගරී මහතා පත්කර තිබෙන අතර ඒ මහතා මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී මහතාගේ පුත්‍රයා වෙයි.
ඒ අනුව කැනඩාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන ආයතන, කැනඩා දේශසීමා සේවා ඒජන්සිය, රාජකීය කැනේඩියානු කඳුකර පොලීසිය සහ කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවය ඇතුළු ආයතන ආනන්දසංගරී මහතා විසින් අධීක්ෂණය කරනු ඇත. ඔහු මීට පෙර මාර්තු මාසයේදී කාර්නිගේ පළමු කැබිනට් මණ්ඩලය යටතේ අධිකරණ ඇමැතිවරයා සහ නීතිපතිවරයා ලෙස කටයුතු කළ අතර එසේ කළ පළමු දෙමළ කැනේඩියානු ජාතිකයා ද වෙයි.