ලබන වසරේ සිට ආනයනය කිරීමට අවසර දෙන්නේ නවීන තාක්ෂණයෙන් යුක්ත ආරක්ෂිත මගී ප්‍රවාහන බස් රථ පමණක් බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය.
දැනට පවතින රජයේ සහ පෞද්ගලික බස් රථ ඇණිය කොපමණ කාලයක් පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ සොයා බලන බව ද ඇමැතිවරයා කීය.
පොදු ප්‍රවාහනයට සම්බන්ධ බස් රථ, ත්‍රිරෝද රථ මෙන්ම පාසල් ළමයින් ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වාහන සම්බන්ධයෙන් වූ ප්‍රමිති තත්ත්වයන් සකස් කර ගැනීමට උපරිම මාස තුනක කාලයක් දීමට පියවර ගන්නා බව ද හෙතෙම කීය.
තමන්ගේ පෞද්ගලික වාහනයේ වුවද පොදු ප්‍රවාහනය සිදු කරන්නේ නම් ඊට අදාළ ප්රමිතීන් හඳුන්වා දීමට පියවර ගන්නා බව ද කියා සිටි අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ගන්නා තීරණ ඉදිරි සතියේ ප්‍රකාශයට පත් කරන බව ද කියා සිටියේය.