රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කර ගැනීම අරමුණ කර ගනිමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සතු සුඛෝපභෝගි වාහන රැසක් ද වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අධිකරණ හා ඒකාබද්ධතා අමාත්‍යාංශය සතුව ඇති සුඛෝපභෝගි වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 10ක් සඳහා මිල ගණන් කැඳවා ඇත. වෙන්දේසි කිරීමට නියමිත වාහන අතර 1989 වර්ෂයේ නිෂ්පාදිත මිට්ෂුබිසි පැජරෝ වර්ගයේ ජීප් රථයක් හැරුණු කොට සෙසු 2000 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ වර්ෂවල නිෂ්පාදිත වාහන වේ. මෙම වාහන අතර බී.එම්.ඩබ්. මෝටර් රථ 02ක්, නිශාන් එක්ස් ට්‍රේල් රථයක්, ලෑන්ඩ් රෝවර් ඩිපෙන්ඩර් රථ 02ක්, ටොයොටා ලෑන්ඩ් කෘෂර් 3ක්, මිට්ෂුබිසි පැජරෝවක් සහ මිට්ෂුබිසි මොන්ටේරොවක් වෙයි.