Thursday, May 15, 2025
Home » මිය­ගිය අයගේ වන්දි ප්‍රා.ලේකම් කාර්යා­ල­ව­ලට
ගැර­ඬි­ඇල්ලේ මාරක අන­තුර

මිය­ගිය අයගේ වන්දි ප්‍රා.ලේකම් කාර්යා­ල­ව­ලට

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

උපාලි කරු­ණා­රත්න සහ ජය­සිරි මුණ­සිංහ

කොත්මලේ, ගැර­ඬි­ඇල්ල ප්‍රදේ­ශ­යේදී පසු­ගි­යදා සිදු වූ බස් රථ අන­තු­රින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ මගීන් වෙනු­වෙන් රජය මඟින් දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි ජනා­ධි­පති අර­මු­ද­ලින් මෙම මුදල් ලබා දෙයි.

ඒ අනුව අන­තු­රින් මිය­ගිය එක් අයකු වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 10ක මුද­ලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය­ගිය අයගේ පවුලේ සාමා­ජි­ක­යන් වෙත භාර දෙනු ඇත.

අන­තු­රින් මිය­ගිය පුද්ග­ල­යන් විසි­තුන් දෙදෙනා ජීවත් වූ තිස්ස­ම­හා­රාම, ලුණු­ග­ම්වෙ­හෙර, වැලි­මඩ, හල්දු­ම්මුල්ල, ඇල්ල, කුණ්ඩ­සාලේ, බමු­ණා­කො­ටුව, පඬු­ස්නු­වර බට­හිර, පොල්පි­ති­ගම, වනා­ත­වි­ල්ලුව, හලා­වත, බුත්තල, තණ­ම­ල්විල, වැල්ල­වාය, කන්තලේ, රඹෑව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­වල, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT