කොළඹ මහනගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති ධුර තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජූනි මස 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට තරග කළ කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට නොහැකි වූ බැවින් මෙලෙස ඡන්දයක් පැවැත්වීමට සිදු වී ඇත.
පළාත් පාලන කොමසාරිස්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.
නිමා වූ පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනාගනු ලැබුවේ ජාතික ජන බලවේගයයි. කොළඹ මහනගර සභාව සඳහා ඡන්ද 81,814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජාතික ජන බලවේගය සභික ධුර 48ක් දිනාගනු ලැබීය.
දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ඡන්ද 58,375ක් ගනිමින් සියයට 26.34ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ලබා ගැනීමට හැකි වූයේ සභික ධුර 29කි.
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් සභික ධුර 11ක අවශ්‍යතාවක් පවතී. සමගි ජන බලවේගයට කොළඹ මහනගර සභාවේ බලය තහවුරු කර ගැනීමට නම් තවත් සභික ධුර 30ක් අවශ්‍ය වේ.