Thursday, May 15, 2025
Home » පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්

by chanaka
May 15, 2025 11:07 am 0 comment

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයන් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරයි.

වෙනත් රක්ෂණ සමාගම්වල ඒ වෙනුවෙන් අයකරනු ලබන වාරික මුදලට වඩා සහනදායී රක්ෂණ වාරික මුදලක් අය කර ගැනීමට තීරණය කරමින් මෙම කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ගේ අවදානම් ආවරණය කිරීමට කටයුතු කර ඇත.

පතල් කර්මාන්තය යනු ඉතා අවදානම් රැකියාවක් වන අතර ජීවිතය පරදුවට තබා ඔවුන් තම රැකියාවේ නිරතවී සිටිති. එම අනාරක්ෂිතභාවය නිසාම පතල් රැකියාවේ නිරතවන තරුණ පිරිස් ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT