Thursday, May 15, 2025
Home » මාලි­මාව දිනූ සභා­වල බලය අල්ලන්න විප­ක්ෂය රැස්වෙයි

මාලි­මාව දිනූ සභා­වල බලය අල්ලන්න විප­ක්ෂය රැස්වෙයි

රනිල්-මහින්ද යාපා-නාමල්-පලනි-ගම්ම­න්පිල-දිලිත්-මනෝ සාක­ච්ඡා­වට ඇවිත්

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

ශිරෝමි අබ­ය­සිංහ

ජාතික ජන බල­වේ­ග­යට බහු­ත­රය හිමි නොවූ සියලු පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වී­මට විප­ක්ෂයේ දේශ­පා­ලන පක්ෂ­වල නාය­ක­යන් ඊයේ (14) එක­ඟ­තා­ව­කට පැමිණ තිබේ.

මෙම එක­ඟ­තාව ඇතිව තිබෙන්නේ හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ මල් පාරේ පිහිටි ඒ මහ­තාගේ දේශ­පා­ලන කාර්යා­ලයේ පැවැති රැස්වී­ම­ක­දීය.

ජාතික ජන බල­වේ­ග­යට බහු­ත­රය හිමි නොවූ මහ­න­ගර සභා, නගර සභා සහ ප්‍රාදේ­ශීය සභා­වල බලය පිහි­ටු­වී­මට එහිදී එක­ඟ­තා­ව­කට පැමිණ ඇති බව සඳ­හන්ය.

බලය පිහි­ටු­වන පළාත් පාලන ආය­ත­න­වල නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ­වල මහ­ලේ­ක­ම්ව­රුන් අද (15) දින­යේ­දීම හමු­වී­මට නිය­මි­තය. මාලි­මා­වට එරෙ­හිව සිටින සියලු කණ්ඩා­යම් සමඟ ඉදි­රි­යේදී සාකච්ඡා කොට බලය පිහි­ටු­වී­මට අම­ත­රව ඒකා­බ­ද්ධව කට­යුතු කිරී­ම­ටත් මෙහිදී තීර­ණය වී තිබේ.

පළාත් පාලන ආය­ත­න­වල බලය ගැනීමේ විප­ක්ෂයේ පක්ෂ නාය­ක­යන්ගේ මෙම ඒකා­බද්ධ රැස්වීම් කැඳ­වීමේ කාර්ය­භා­රය හිටපු කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහ­තාට මෙහිදී පව­රනු ලැබීය. මෙම හමු­වට හිටපු කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන, සමගි ජන බල­වේ­ගය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කර­මින් නිමල් සිරි­පාල ද සිල්වා, දුමින්ද දිසා­නා­යක, පොදු­ජන එක්සත් පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, කම්කරු ජාතික පෙර­මුණේ නායක පලනි දිග­ම්බ­රන්, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජනතා පෙර­මුණේ නායක මනෝ ගනේ­ෂන්, පිවි­තුරු හෙළ උරු­මයේ නායක උදය ගම්ම­න්පිල, ලංකා කම්කරු කොංග්‍ර­සයේ මහ­ලේ­කම් ජීවන් තොණ්ඩ­මන්, නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් අසංක නව­රත්න, සුගී­ෂ්වර බණ්ඩාර, වීර කුමාර දිසා­නා­යක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන්, ප්‍රේම­නාත් සී. දොළ­වත්ත, නිමල් ලංසා, මොහො­මඩ් මුස­ම්මිල්, එක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කර­මින් එහි සභා­පති වජිර අබේ­ව­ර්ධන, මහ­ලේ­කම් තලතා අතු­කෝ­රළ, ජාතික සංවි­ධා­යක සාගල රත්නා­යක, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහ­ත්වරු සහ­භාගී වී සිටි­යහ. සර්ව­ජන බලය පක්ෂයේ නායක දිලිත් ජය­වීර මහතා මෙම හමුව සඳහා දුර­ක­ථ­නය ඔස්සේ සම්බන්ධ වී ඇත.

නමුත් තමන් මේ සඳහා සම්බන්ධ නොවූ බව දිලිත් ජයවීර මහතා සිය මුහුණුපොතේ සටහනක් එකතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT