Thursday, May 15, 2025
Home » ඉම­දූව දිසා රෝහල මූලික රෝහ­ලක් බවට පත්කි­රී­මට අවශ්‍ය කට­යුතු කර­නවා

ඉම­දූව දිසා රෝහල මූලික රෝහ­ලක් බවට පත්කි­රී­මට අවශ්‍ය කට­යුතු කර­නවා

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රත්න ගමගේ

by Gayan Abeykoon
May 15, 2025 1:04 am 0 comment

වැලි­ගම සමූහ - ටී.කේ.මහින්ද

ජාතික රෝහ­ලක දැකිය හැකි බොහෝ ලක්ෂණ මෙන්ම පෞද්ග­ලික රෝහ­ලක දැකිය හැකි ආක­ර්ෂ­ණීය ලක්ෂණ ගණ­නා­වක් නිර්මා­ණය කර ඇති ඉමදූව දිසා රෝහල මූලික රෝහ­ලක් බවට පත්කි­රී­මට අවශ්‍ය කට­යුතු කරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රත්න ගමගේ මහතා පැව­සීය.

අමා­ත්‍ය­ව­රයා මෙ‌ම අද­හස් පළ කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්ක‌යේ ආද­ර්ශ­මත් රෝහ­ලක් ලෙස නම්කර ඇති දිස්ත්‍රික් රෝහලේ සංව­ර්ධන කට­යුතු පිළි­බඳ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වෙමිනි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමාත්‍ය රත්න ගමගේ මහතා මෙසේ අද­හස් දැක්වීය.

“ මෙම රෝහලේ අඩු­පා­ඩු­කම් ඉදිරි සති දෙක තුළ සපු­රා­ලී­මට අවශ්‍ය කට­යුතු කර­නවා. මෙවැනි රෝහ­ලක් අපේ රටේ රෝහල් පද්ධ­ති­යට ආද­ර්ශ­යක්. ඉන් බොහෝ දේ ලබා ගත හැකියි. මෙම රෝහල කිලෝ­මී­ටර් 16ක වප­ස­රි­යක් ආව­ර­ණය වෙනවා. අධි­වේගී මාර්ගයේ පිවි­සුම් දෙක­කට මායිම්ව පිහිටා ඇති මෙම රෝහලේ හදිසි අන­තුරු ඒක­ක­යක් ආරම්භ කිරීම ඉතා වැද­ගත් වෙනවා. ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රි­තු­මන්ගේ කැප­වීම හා පෞද්ග­ලික දාන­ප­තින්ගේ දාය­ක­ත්වය ඉතාම වැද­ගත්. මේ වන විට කෝටි 7කට ආසන්න මුද­ලක් පෞද්ග­ලික දාන­ප­ති­ය­න්ගෙන් ලබා­ගෙන මෙහි සංව­ර්ධන කට­යුතු කර තිබෙ­නවා. මෙම රෝහ­ලට ආද­රය කරන පිරි­සක් ඉන්නවා. සුව මිතුරු කමි­ටුව එහි මූලි­ක­ත්වය ගෙන තිබෙ­නවා.

මේ වෛද්‍ය­ව­රයා මාරු­කර තිබෙන ආරං­චි­යත් සමඟ විශාල පිරි­සක් මා හමු­වෙ­න්නට ආවා. මේ වගේ රෝහ­ලක් සැබැ­වින්ම රටක නිය­දි­යක්. රජ­යක් ලෙස අප මේ සඳහා උදව් කළ යුතුයි. අපේ රටේ වෛද්‍ය­ව­රුන් ස්ථාන­මාරු කරන්නේ රටේ යහ­ප­ත­ටයි. චක්‍ර­ලේ­ඛන හදා ‌තියෙන්නේ වඩාත් රාජ්‍ය සේවය හොද වෙන්නයි. මෙහි තිබෙන කණ්ඩා­යම් හැඟීම ඉතාම හොඳයි. ‌සාධාරණ ඉල්ලී­මක් ඇවිත් තියෙන්නේ. පසු­ගිය රජය මඟින් ද මීට මැදි­හත්ව කට­යුතු කර තිබෙ­නවා. ‌සෞඛ්‍ය අංශයේ විශා­ල­තම මුද­ලක් මෙවර අය වැයෙන් වෙන්කර තිබෙ­නවා. සුව මිතුරු කමි­ටුව හා දිස්ත්‍රික් වෛද්‍ය නිල­ධා­රි­ව­ර­යාගේ කැප­වීම අගය කරන බවද අමා­ත්‍ය­ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය.”

“සෞඛ්‍ය අමා­ත්‍ය­තු­ම­න්ගේත්, නියෝජ්‍ය අමා­ත්‍ය­තු­මන්ගේ ඇතුළු බොහෝ දෙනෙ­කුගේ අව­ධා­න­යට මෙම රෝහල පත්ව තිබෙ­නවා. මෙම රෝහල ඇග­යී­මට ලක්වීම අගය කරන බව දිස්ත්‍රික් වෛද්‍ය නිල­ධාරි තරංග ප්‍රසාද් මහතා පවසා සිටි­යේය.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT