Thursday, May 15, 2025
Home » ප්‍රධාන මාර්ග­යට කසළ දැමූ සංචා­ර­ක පිරි­ස­කට මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රු­න්ගෙන් අපූරු දඬු­ව­මක්

ප්‍රධාන මාර්ග­යට කසළ දැමූ සංචා­ර­ක පිරි­ස­කට මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රු­න්ගෙන් අපූරු දඬු­ව­මක්

by Gayan Abeykoon
May 15, 2025 1:03 am 0 comment

හාලි­ඇළ සමූහ - ආර්.එම්. විජේ­රත්න

ඉකුත් වෙසක් පොහෝදා (12) බණ්ඩා­ර­වෙල සිට දිය­ත­ලාව දක්වා ප්‍රධාන මාර්ග­යට අවි­ධි­මත් ලෙස කසළ බැහැර කර­මින් බස් රථ­ය­කින් ගමන් කර­මින් සිටි සංචා­ර­ක­යින් පිරි­ස­කට මතක හිටින දඬු­ව­මක් ලබා­දී­මට හපු­තලේ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ලයේ මහ­ජන සෞඛ්‍ය පරි­ක්ෂ­ක­වරු කට­යුතු කළහ.

ඇල්ල හපු­තලේ ප්‍රදේශ සංචා­රක කලා­ප­යක් ලෙස ප්‍රව­ර්ධ­නය වීමත් සමඟ එම ප්‍රදේ­ශ­ව­ලට වැඩි වැඩි­යෙන් පැමි­ණෙන දේශීය සංචා­ර­ක­යින් විසින් පරි­ස­ර­යට ඝණ අප­ද්‍රව්‍ය අවි­ධි­මත්ව බැහැ­ර­ලීම මඟින් විශාල පරි­සර හානි­යක් සිදු වෙමින් පව­තින අතර මෙම තත්ත්වය යම් තර­ම­කට හෝ පාල­නය කිරීමේ අර­මු­ණින් හපු­තලේ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ලයේ මහ­ජන සෞඛ්‍ය පරි­ක්ෂ­ක­ව­රුන් විසින් සති අන්තයේ සහ දීර්ඝ නිවාඩු දින­වල ඒ සම්බ­න්ධ­යෙන් විශේෂ වැට­ලීම් ක්‍රියා­ත්මක කර ඇත.  ඒ අනුව ඉකුත් වෙසක් පොහෝදා මඩ­ක­ල­පුව අක්ක­රෙ­යි­පත්තු ප්‍රදේ­ශයේ සිට පැමිණ නුව­ර­එ­ළිය බලා බස් රථ­ය­කින් ගමන් කර­මින් සිටි සංචා­ර­ක­යින් පිරි­සක් බස් රථයේ ගමන් කරන අත­ර­තුර හිස් අයිස් පැකට් ඇතුළු කසළ බස් රියෙන් පිට­තට විසි­ක­ර­මින් යන අයුරු දුටු එම නිල­ධා­රීන් අදාළ බස් රථය පසු­පස හඹා ගොස් දිය­ත­ලාව පොලිස් ස්ථානය අස­ලදී බසය නව­තා­ගෙන ඇත. පසුව බසයේ සිටි වැඩි­හිටි පිරි­සගේ එක­ඟ­තා­වය පරිදි බස් රථය නැවත හරවා බණ්ඩා­ර­වෙල දක්වා යවා මාර්ග­යට ඔවුන් විසින් බැහැර කරන ලද පොලි­තින්, අයිස් පැකට් ඇතුළු කසළ නැවත එකතු කරවා මහ­ජන සෞඛ්‍ය පරි­ක්ෂ­ක­ව­රුන් වෙත භාර­දී­මෙන් අන­තු­රුව එම වරද පිළි­බ­ඳව දැනු­ම්වත් කර ඔවු­නට දැඩිව අව­වාද කර එම පිරිස පිට­ත්ක­රනු ලැබීය.

හපු­තලේ පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක ජීවන කපු­කො­ටුව, දිය­ත­ලාව මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක රොහාන් සම­ර­වීර, කහ­ගොල්ල මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක නලීන් පීරිස්, කදු­රු­ග­මුව මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක ගාමිණී රත්න­සිරි යන නිල­ධා­රීන් හා සරත්, ඉන්දික යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් වැට­ලී­මට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT