Thursday, May 15, 2025
Home » ශ්‍රී මංග­ලා­රා­මයේ බෝධි ප්‍රාකා­රයේ රන් වැට සඟ­සතු කෙරේ

ශ්‍රී මංග­ලා­රා­මයේ බෝධි ප්‍රාකා­රයේ රන් වැට සඟ­සතු කෙරේ

by Gayan Abeykoon
May 15, 2025 1:03 am 0 comment

නෝර්වුඩ් සමූහ - රංජිත් රාජ­පක්ෂ

සම්බුදු තෙම­ඟුල නිමි­ත්තෙන් හැටන් රුව­න්පුර ශ්‍රී මංග­ලා­රාම විහා­ර­ස්ථා­නයේ බෝධි ප්‍රාකා­රය වටා ඉදි කෙරුණු රන්වැට වෙසක් පෝදා (12) විවෘත කෙරිණ.

හැටන් රුව­න්පුර ශ්‍රී මංග­ලා­රාම විහා­ර­ස්ථා­නයේ දායක සභාවේ අනු­ග්‍ර­හ­යෙන් ඉදි කෙරුණු මෙම රන්වැට එම විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති පන්ණේ­ග­මුවේ දයා­වංශ හිමි­යන් විසින් විවෘත කෙරිණි.

මෙම රන්වැට විවෘත කිරී­මෙන් අන­තු­රුව එම විහා­ර­ස්ථා­න­යේදී රට­වැසි සියලු දෙනාට සෙත් පතා අට­විසි බෝධි පූජා­වක්ද පව­ත්වනු ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT