දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත්, වැලිකන්ද සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ ‘හරිත මිතුරෝ පරිසර ඒකකය’ මඟින් ප්‍රදේශයේ වන්දනාවේ යන යතුරුපැදි හා ත්‍රිරෝද රථ ශුද්ධ පවිත්‍ර කර පිරිසිදු කරදීමේ දන්සලක් පෙරේදා (13) සුසිරිගම විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු කළහ.
සුසිරිගම විද්‍යාලීය විදුහල්පති පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිතාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් එක්ව මෙම අපූරු දන්සල පැවැත්වූහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, සෝමාවතිය, ගල් විහාරය ඇතුළු පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ රථ වාහනවලින් යන අයවලුන්ගේ වාහන ශුද්ධ පවිත්රකර පිරිසිදු කිරීම ඔවුන් විසින් දවස පුරා සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි.
මීට අමතරව මෙම ස්ථානයේම, සංඝරක්ඛිතාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආචාර්ය මණ්ඩලය සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ මවුපියන් නූඩ්ල්ස් දන්සලක් පැවැත්වීමට ද කටයුතු කර තිබිණි.