ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් සෑම වර්ෂයකම සංවිධානය කරනු ලබන කළුතර සහ ගාල්ල දිස්ත්‍රික් තුළ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන්ගේ තේ අස්වැන්නේ අග්‍රඵලය අලුත්ගම ඓතිහාසික කන්ද විහාරයට පූජා කිරීමේ පින්කම කන්දේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා මත පෙරේදා (13) කන්ද විහාරයේදී සිදු කළහ.
ශ්‍රී ලංකාවේ තේ වාගාව ආරම්භ කර 158 වසරක් පිරීම නිමිති කර ගනිමින් සහ සෑම වසරකම වෙසක් උත්සවයට සමගාමීව තම තේ අස්වැන්න හා තේ නිෂ්පාදන ප්‍රථම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කර ආශීර්වාද ලබාගැනීමට අරමුණු කර ගනිමින් වාර්ෂිකව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙම වැඩසටහන තේ වගාකරුවන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සිදු කළහ.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වැඩබලන අධ්යක්ෂ ඩබ්.ජේ.එන් උපුල් ප්‍රියන්ත, ශ්‍රී ලංකා තේ සංවර්ධන මණ්ඩලයේ සහකාර කොමසාරිස් කසුන් මදුශංක යන මහත්වරු ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන් එකසිය පනස්දෙනෙකු පමණ මෙම අවස්ථාවට සම්බන්ධ විය.