Thursday, May 15, 2025
Home » හාලි­ඇළ කාලි­අ­ම්මන් කෝවිලේ තේරු මංග­ල්‍යය

හාලි­ඇළ කාලි­අ­ම්මන් කෝවිලේ තේරු මංග­ල්‍යය

by Gayan Abeykoon
May 15, 2025 1:02 am 0 comment

හාලි­ඇළ සමූහ- ආර්.එම්. විජේ­රත්න

හාලි­ඇළ, බදුල්ල පාර, බෝග­හ­ම­ඩිත්තේ පිහිටි අරු­ල්මිගු ශ්‍රී භද්‍ර­කා­ලි­අ­ම්මන් දේව­ස්ථා­නයේ 2025 – වාර්ෂික තේරු උත්ස­වය පෙරේදා 13 අව­සන් කෙරුණු අතර එහි සුවි­ශේෂ අව­ස්ථාව ලෙස ඉකුත් 12 වැනිදා සවස ආරම්භ කෙරුණු දේව ප්‍රතිමා රැගත් රදන් පෙර­හර බැති­ම­තුන්ගේ පූජා ලබා ගනි­මින් පෙරේදා (13) වැනිදා දහ­වල් වන තුරු දර්ශ­නීය අයු­රින් වීථි සංචා­රය කරනු ලැබීය.

ඉකුත් 09 වැනි දින සුබ මොහො­තින් දේවාල භූමියේ කප් සිටු­වී­මෙන් ආරම්භ වූ මෙම උලෙළේ දී කිරි­කළ පූජා ඇතුළු පූජා රැසක්, කාවඩි පෙර­හර හා රදන් පෙර­හර ඇතුළු චාරිත්‍ර වාරිත්‍ර අව­සා­නයේ දිය කැපී­මෙන් වාර්ෂික තේරු උත්ස­වය අව­සන් කෙරුණු අතර දේවාල පාලක සභාව හා බැති­ම­තුන් එක්ව එය සංවි­ධාන කොට තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT