Thursday, May 15, 2025
Home » දෙණි­යාය-රත්න­පුර මාර්ගය වසා උද්ඝෝ­ෂ­ණයක
කසිප්පු ජාවා­ර­ම­කට රක්වාන උණු­සුම්

දෙණි­යාය-රත්න­පුර මාර්ගය වසා උද්ඝෝ­ෂ­ණයක

by Gayan Abeykoon
May 15, 2025 1:03 am 0 comment

රත්න­පුර දිසා විශේෂ - ලසන්ත නිරෝ­ෂණ පෙරේරා රක්වාන - ඉන්දික කුමාර

සංවි­ධා­නා­ත්මක ලෙස සිදු කෙරෙන රක්වාන බාර් වත්ත ප්‍රදේ­ශයේ කසිප්පු ජාවා­රම නව­ත්වන ලෙස ඉල්ල­මින් ප්‍රදේ­ශ­වා­සීන් පිරි­සක් දෙණි­යාය- රත්න­පුර ප්‍රධාන මාර්ගය රක්වාන බාර් වත්ත ප්‍රදේ­ශ­යෙන් හරස් කර­මින් උද්ඝෝෂ­ණ­යක නිරත වූහ.

උද්ඝෝ­ෂ­ණය ගැන සොයා බැලී­මට පැමිණි රත්න­පුර පොලිස් අධි­කාරි කපිල ප්‍රේම­දාස මහතා හමුවේ ගම්වා­සීන් සඳ­හන් කළේ මෙම කසිප්පු ජාවා­රම මැඬ­ලී­මට පොලී­සි­යට දැනුම් දුන්නද පොලී­සිය නිසි මැදි­හ­ත්වී­මක් නොකළ බවයි.

ඊයේ (14) පෙර­වරු 7.00 සිට පැය තුනක කාල­යක් පැවති උද්ඝෝ­ෂ­ණයේ දී ගම්වා­සීන් සඳ­හන් කළේ ප්‍රදේ­ශයේ නීති විරෝධි කසිප්පු ජාවා­රම නව­ත්වන ලෙසයි.

පෙරේදා වයස අවු­රුදු 14ක ළම­යෙ­කුට කසිප්පු පානය කිරී­මට දීමේ සිද්ධි­යක් ද සිදුව ඇතැයි ගම්වා­සීහු සඳ­හන් කළහ. එම ළමයා යොදවා පොල් කඩා­ගෙන මුදල් වෙනු­වට කසිප්පු දී ඇතැයි ගම්වා­සීන් සඳ­හන් කළේය.

ප්‍රදේ­ශයේ කසිප්පු ජාවා­ර­ම්ක­රු­වන් මේ වන විටත් පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලී­සිය පව­සයි. ඉදි­රි­යට ප්‍රදේ­ශයේ කසිප්පු ජාව­රම සිදු­වු­ව­හොත් ඒ ගැන තමාට හෝ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යාට දැනුම් දෙන ලෙසද රත්න­පුර පොලිස් අධි­කා­රි­ව­රයා ගම්වා­සීන්ට පැව­සීය. නීතිය අතට ගෙන ක්‍රියා නොක­රන ලෙස පොලිස් අධි­කා­රි­ව­රයා ගම්වා­සීන්ට දැනුම් දුන්නේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT