වාර්ෂික නැවුම් තේ මංගල්‍යය කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේදී 13 වෙනි දින තේ කර්මාන්තයට සම්බන්ධ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධාන කරන Òනැවුම් තේ මංගල්‍යයÓ නම්වූ සංස්කෘතිකාංගයක ජාතික වැඩසටහන මෙවර ඓතිහාසික මුතියංගණය රජමහ විහාරයේදී පැවැත්වූ අතර, ඊට සමගාමීව දකුණු පළාත් Òනැවුම් තේ මංගල්‍යයÓ කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විරස්ථාන භූමියේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර එකසිය පනහකට වැඩි ඉතිහාසයක් උරුම වී ඇත. ඊට දායකවූ සියලුම පාර්ශ්වකරුවන්ට ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් එම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් සාම්ප්‍රදායිකව සෑම වසරකම මෙම නැවුම් තේ මංගල්‍යය පැවැත්වේ.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ සභාපති ලාල් ප්‍රේමනාත්, මොරවක් කොරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ සභාපති ජාලිය චමින්ද, නීතිඥ චමින්ද ගුණසේකර, තේ වගාකරුවන්, තේ කර්මාන්තශාලා හිමියන්, තේ දලු වෙළෙඳුන් ඇතුළු තේ කර්මාන්තයේ නියැළෙන සියලුම දෙනා මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.
ඉකුත් සිංහල, දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව තමන් ලබාගත් තේ අස්වැන්න සහ නිෂ්පාදන පූජා කළ අතර මෙම වාර්ෂික වැඩසටහන ශ්‍රී ලංකා තේ මණ්ඩලය අටවන වරට සංවිධාන කර ඇත.