එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී බෝක්කුවක් මතට වැටීමෙන් එම ත්‍රිරෝද රථයේ රියැදුරා බරපතළ ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඊයේ (14) ඇතුළත් කළ බව නෝර්වුඩ් පොලීසිය පවසයි.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලි වත්ත ප්රදේශයේදීය.
නෝර්වුඩ් වෙන්චර් වත්තේ සිට තම පියාට බෙහෙත් ගැනීම සඳහා සිය සහෝදරයා සමඟ දික්ඔය මූලික රෝහලින් ප්රතිකාර ලබා ගැනීමට යන අවස්ථාවේ හදිසියේ ත්‍රිරෝද රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉදිරිපස රෝදය ගැලවී ඉවතට විසි වීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ත්‍රිරෝද රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නෝර්වුඩ් පොලීසිය පවසා සිටියේ.