3
කළුතර ප්රදේශයේ මෙතෙක් ඉදිකර තිබූ වෙසක් තොරන් අතරෙන් විශාලතම තොරණ ලෙස ඉදිකර ඇත්තේ දකුණු කළුතර රජවත්ත ශ්‍රී සාම විහාරය ආසන්නයේ රජවත්ත ක්රීඩාංගණයේ ඉදිකර ඇති දැවැන්ත තොරණයි. අඩි පනස් නවයක උසකින් හා අඩි පනස් පහක් දිගට පුවක් ගස් යොදා ‘ශාන්තිවාදී කතා වස්තුව’ පිළිබිඹු කරන මෙම වෙසක් තොරනේ විශේෂත්වය වනුයේ වොට් පහේ විදුලි බුබුළු වෙනුවට මුළු තොරණම LED විදුලි බුබුළුවලින් වර්ණවත් දර්ශනීය බුදු රැස්මාලා 150 කින් සමස්ත තොරන් රාජයාම ඒකාලෝක කර තිබීමයි.