ජාතික ජන බලවේගයේ ආධාරකරුවෙකු හට පහරදුන් බව කියන, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලුණුගල ප්රාදේශීය සභාවට තේරී පත්වූ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්රීවරයෙකු පෙරේදා (13) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ලුණුගල පොලීසිය පවසයි.
එහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන පොලීසිය අසල ලුණුගල ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරුගේ පහරකෑමට ලක්වූ බව කියන 52 හැවිරිදි ප්‍රධාන වීදිය, ලුණුගල ලිපිනයේ පදිංචි අය ප්රතිකාර සඳහා ලුණුගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි නේවාසිකව ප්රතිකාර ලබන බවද පොලීසිය පැවසීය.
පසුගිය මැතිවරණයේ දී පහරකෑමට ලක්වූ අය විසින් තම ව්යාපාරික ස්ථානයක් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු හට පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යාමට ලබා දී ඇති අතර, ඒ පිළිබඳව මෙම දෙදෙනා අතර පෙරේදා (13) රාත්‍රී 8.30 ට පමණ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු පස්සර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.