Thursday, May 15, 2025
Home » මහ­ම­ඟදී ත්‍රිරෝද රථ­යක් ගිනි­ගෙන විනා­ශයි

මහ­ම­ඟදී ත්‍රිරෝද රථ­යක් ගිනි­ගෙන විනා­ශයි

by Gayan Abeykoon
May 15, 2025 1:02 am 0 comment

බදුල්ල දකුණ සමූහ විමුක්ති සංජය පෙරේරා

මහි­යං­ගණ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ධාව­නය වෙමින් තිබූ ත්‍රිරෝද රථ­යක් පෙරේදා (13) සවස 5.30ට පමණ අරාව පොලිස් බල­ප්‍ර­දේ­ශ­යට අයත් කුරු­වි­තැන්න දඹ­ග­හ­පි­ටිය මංස­න්ධි­යෙදී හදිසි ගින්නක් හට­ගෙන එම ත්‍රිරෝද රථය සම්පූ­ර්ණ­යෙන්ම ගිනි­ගෙන විනාශ වී ඇතැයි අරාව පොලී­සියේ පව­සයි.

මෙම ත්‍රිරෝද රථයේ තරු­ණ­යන් දෙදෙ­නකු සහ තරු­ණි­යන් දෙදෙ­නෙක් ගම­න්කර ඇති අතර ඔවුන් බිබිල ප්‍රදේ­ශයේ සිට මීග­හ­කි­වුල ප්‍රදේ­ශයේ මිතු­රෙ­කුගේ නි‍ෙව­සට යමින් සිටි­යදි දඹ­ග­හ­පි­ටිට මංස­න්ධියේ දී ත්‍රිරෝද රථය නවත්වා දඹ­ග­හ­පි­ටිය ත්‍රිරෝද රථ ගාලේ ත්‍රිරෝද රථ රියැ­දු­රෙ­කු­ගෙන් මාර්ගය විමසා ඇති අතර එහිදී ත්‍රි‍රෝද රථ­ගාලේ සිටි රියැ­දුරා විසින් මෙම ත්‍රිරෝද රථය ගිනි­ගන්නා බව දැක අරාව පොලී­සි­යට දැනුම්දී ඇති අතර අරාව පොලී­සියේ හා දඹ­ග­ම­පි­ටිය ත්‍රිරෝද රථ රියැ­දු­රන් සහ ප්‍රදේ­ශ­වා­සීන් එක්ව ගින්න නිවා දැමී­මට කට­යුතු කර ඇති බව පොලී­සිය පව­සයි.  ගින්නෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ කිසි­වෙ­කු­ටත් අන­තු­රක් සිදුවී නොමැති අතර ගමන් කළ පිරි­සගේ බඩු බහි­රා­දිය ඇතුළු දෑ සමඟ ත්‍රිරෝද රථය සම්පූ­ර්ණ­යෙන් විනාශ වී ඇතැයි අරාව පොලී­සිය පව­සයි.

ගින්නට හේතුව රථයේ හට­ගත් කාර්මික දෝෂ­යක් වන්නට ඇතැයි පොලී­සිය සැක­ක­රයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT